පාඩම: මුදල් හා බැංකු
🍁 මුදල් ප්රතිපත්තිය :
☑️මුදල් ප්රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්රියාවලියයි.
☑️ශ්රී ලංකාවේ මුදල් ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්රී ලංකා මහ බැංකුව වන අතර, ප්රධාන වශයෙන් ආර්ථිකයේ ප්රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ.
☑️ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි.
☑️ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්රතිපත්තිය භාවිත කරනු ලැබේ.
🍁 ආර්ථික සහ මිල ස්ථායිතාව:
☑️ආර්ථික සහ මිල ස්ථායිතාව යනු තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වන අන්දමින් පොදු මිල මට්ටමේ සිදු වන පුළුල් විචලනයන් අවම මට්ටමක පවත්වා ගැනීම යි.
☑️මිල ගණන් අඩු වේගයකින් වෙනස් වන විට ආර්ථිකය තුළ කුටුම්භ සහ ව්යාපාරික ආයතන විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නො කෙරේ.
☑️තව ද, මිල ස්ථායිතාව ජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වන අතර, එය සත්ය උද්ධමනය අඩු සහ ස්ථායි මට්ටමක පවත්වා ගැනීමට හේතු වේ. එම නිසා, ආර්ථිකයේ කුමන නිෂ්පාදනයක් කළ යුතු ද, කෙසේ නිපදවිය යුතු ද යනාදී ආර්ථික තීරණ ගැනීමේ දී විකෘතිතාවක් ඇති නො කිරීමට ස්ථායි මිල ගණන් හේතු වන බැවින් දිගුකාලීන ආර්ථික ස්ථායිතාවට හා තිරසාර වර්ධනයට මඟ පෑදෙන සේ සම්පත් කාර්යක්ෂම ව යෙදවිය හැකි වේ.
🇱🇰ශ්රී ලංකාවේ මුදල් වර්ධනය විශ්ලේෂණය කිරීම:
මෙහිදී ප්රධාන නිර්වචන දෙකක් සලකා බලනු ලැබේ.
(01). පළමු මුදල් සමස්තය( සංචිත මුදල් ):
ව්යවහාර මුදල් + මහ බැංකුව වෙතැති වාණිජ බැංකු සතු තැන්පතු= සංචිත මුදල් (Reserve Money)
☑️මෙම සංචිත මුදල් යොදා ගෙන ණය සහ තැන්පතු බිහි කිරීම සඳහා වාණිජ බැංකුවලට පවතින හැකියාව හේතුවෙන් සංචිත මුදල්, පදනම් මුදල් හෝ අධිබලැති මුදල් ලෙස ද හඳුන්වනු ලැබේ.
(02). දෙවන මුදල් සමස්තය: පුළුල් මුදල් (Broad Money):
පුළුල් මුදල් (Broad Money)= මහජනයා වෙතැති ව්යවහාර මුදල් + වාණිජ බැංකු වෙතැති මහජනයා සතු තැන්පතු.
☑️මෙම මුදල් සමස්ත අතුරින්, මුදල් සැපයුම සහ පොදු මිල මට්ටම් අතර පවතින සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම සඳහා සුදුසු ම විචල්යය වශයෙන් සැලකිය හැකි වන්නේ පුළුල් මුදල් සැපයුම බව අධ්යයනවලින් තහවුරු වී ඇත.
☑️උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතික වන මින් පෙර ප්රතිමිලදී ගැනුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate) සහ මින් පෙර ප්රතිවිකුණුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate) යන පොලී අනුපාතිකවලින් සමන්විත වූ පොලී අනුපාතික කොරිඩෝව තුළ විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබයි.
☑️උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්යුහය හැසිරවීම සඳහා ප්රතිපත්ති පොලී අනුපාතික අවශ්ය පරිදි වරින් වර සමාලෝචනය කිරීම සහ වෙනස් කිරීම සිදු කරනු ලැබේ.
🇱🇰ශ්රී ලංකාවේ නවීකරණය කරන ලද මුදල් ප්රතිපත්ති රාමුව:

No comments:
Post a Comment