Friday, November 29, 2019

අර්ථික විද්‍යාව හැදින්වීම- තුන්වන කොටස -ආර්ථික විද්‍යාවේ නිර්වචන.

උසස් පෙළ අර්ථික විද්යාව
පළමු පාඩම: අර්ථික විද්යාව හැදින්වීම-
තුන්වන කොටස (2019/11/26)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ආර්ථික විද්යාවේ නිර්වචන.


ආර්ථික විද්යාව යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමේදී ආර්ථික විද්යාව යනු මෙය වේ ආකාරයෙන් නිශ්චිත නිර්වචනයක් දීම අපහසුය.ඊට හේතුව නිවැරදි නිර්වචනයක් ආර්තික විද්යාව වැනි වෙනස් වන විශයක් සඳහා ඉදිරිපත් කිරීමට අපහසු වීමයි.ආර්ථික විද්යාව, විවිධ ආර්ථික සංකල්පයන් හා න්යායන් මත වර්ධනය වන විශයකි.ඒ නිසා ආර්ථික විද්යාව ට නිර්වචන ඉදිරිපත් කල නොහැක. නමුත් බටහිර ආර්ථික විද්යාව තුල ආර්ථික විද්යාඥයින් කීප දෙනෙක්ම ආර්ථික විද්යාවට නිර්වචන කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ.කෙසේ වෙතත් ශතවර්ෂ දෙකකට අධික කාලයක් තිස්සේ වේගවත් සංවර්ධනයකට පාත්ර වෙමින් ආ ආර්ථික විද්යාව විෂය සමාජීය විද්යාවන් අතර රැජින ලෙස හඳුන්වනු ලැබේ. එම විෂය තුළ මතු කෙරෙන ප්රශ්නවල ස්වභාවය සහ ඒවා විසදීමට උපයෝගී කරගනු ලබන ක්රමවේදයන් දෙස බලන විට පෙනී යන්නේ එය පුළුල් විෂය පරාසයක් ආවරණය කරන බවයි. වර්තමාන ලෝකය මුහුණ දී සිටින දැවෙන ප්රශ්න රාශියක් ආර්ථිකමය ස්වරූපයක් ගනී. දිනපතා පළවන පුවත්පතක සිරස්තල පරීක්ෂා කර බැලුවද ඒවායින් බොහොමයක් වැඩිවන ජීවන වියදම, දරිද්රතාවය, විනිමය අනුපාතිකයේ ක්ෂය වීම, ආර්ථික වෘද්ධි වේගය ඉහළ යාම හෝ පහළ යාම වැනි ඍජුවම ආර්ථික විද්යා විෂය පථයට අයත්වන මාතෘකා බව පෙනේ. ආර්ථික විද්යාව සමස්තයක් ලෙස ගතහොත් එය මනුෂ්යාගේ ජීවත්වීම සඳහා අවශ්ය භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ න්යායාත්මක හා ප්රායෝගික විශ්ලේෂණයන් ඇතුළත් සමාජීය විද්යාවකි. මෙමඟින් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්ය භෞතික වුවමනාවන් සපුරා ගැනීමට මිනිසුන් ක්රියාත්මක වන අයුරු පිළිබඳ මූලිකවම අවධානය යොමු කරයි.
ආර්ථික විද්යාව ශිල්ප ශාස්ත්ර අතුරින් පැරණිතමද, විද්යාවන් අතරින් නව්යතමද සමාජීය විද්යාවන්ගේ රැජින වේ.
යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා භෞතික වුවමනා සපුරා ගැනීම් වස් පුද්ගලයන් හා සමාජය ක්රියාත්මක වන ආකාරය සහ එහි ලා තීරණය ගනු ලබන ආකාරය, ආර්ථික විද්යා විෂය තුළ අවධානයට පත්වන ප්රධාන කරුණ වේ.
එසේ වුවද වසර දෙසීයකට වැඩි කාලයක් තිස්සේ පෝෂණය වෙමින් වර්ධනය වූ විෂයයක් බැවින් ආර්ථික විද්යාව සඳහා ඉදිරිපත් කොට ඇති නිර්වචන රැසක් ඇති බව එම විෂයෙහි ඓතිහාසික විකාශනය පරීක්ෂා කර බලනවිට පෙනේ. ආර්ථික විද්යා නිර්වචනයන්ගෙන් බොහොමයක් ආර්ථික විද්යාවේ විෂය ක්ෂේත්රය අවධාරණය කිරීම සඳහා යොමුවී ඇත. විෂය ක්ෂෙත්රය අවධාරණය කරමින් සකසන ලද නිර්වචන අතර ඇල්ෆ්රඩ් මාර්ෂල්, ලයනල් රොබින්සන් හා පෝල් සැමුවෙල්සන් යන සුපක්රට ආර්ථික විද්යාඥයින් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඒවා විශේෂයෙන් සැලකිය යුතුය.

🍂පෞල් ඇන්තනී සැමුවෙල්සන්ගේ -Paul Anthony Samuelson(1915-2009)


ආර්ථික විද්යාව යනු විකල්ප ප්රයෝජන සහිත හිඟ සම්පත් විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගැනීමත්‍‍ , ඒවා මනා ලෙස හැසිරවීමත් පිළිබඳව මිනිසුන් සහ සමාජය යන දෙපාර්ශවයම තෝරා බේරා ගන්නා ක්රමයකි.
Paul A. Samuelson
1915දී උපත ලද පෝල් ඇන්තනී සැමුවෙල්සන් 1970 වසරේ ආර්ථික විද්යාව පිළිබඳ ව නොබෙල් ත්යාගය දිනා ගන්නා ලදී. ඔහු විසින් ජාතික ආදායම තීරණය වීමේ ගුණක න්යාය හඳුන්වා දුන් අතර එය අතිශය ජනප්රිය විය. වසර අවුරුදු 26දී හාවඩ් සරසවියේ දර්ශනශූරී (ආචාර්ය) උපාධිය (PHD-Philosophiae Doctor/ Doctor of Philosophy) ලබාගත්තේය. ඔහු විසින් රචිත “Economics” නම් වූ ග්රන්ථය ලොව බොහෝ රටවල උසස් අධ්යාපනය ලබන සිසුන්ගේ පරිශීලනයට භාජනය වී ඇත. ආර්ථික විද්යාව, “සමාජීය විද්යාවන්ගේ රැජිණ” ලෙස හඳුන්වා දී ඇත්තේ මෙම ග්රන්ථයයි






🍂ඩම් ස්මිත් - Adam Smith (1723-1790)


වර්ෂ 1723දී ස්කොට්ලන්තයේ උපත ලැබූ ස්මිත් එංගලන්තයේ සුප්රසිද්ධ විශ්වවිද්යාල දෙකක් වන ඔක්ස්ෆර්ඩ් සහ ග්ලාස්ගෝ යන විශ්වවිද්යාලවලින් අධ්යාපනය ලබන ලදී මොහු ස්කොට්ලන්ත ජාතිකයෙකි.දේශපාලන විද්යාව හා සම්බන්ධ විග්රහ කෙරුණු ආර්ථික විද්යාව වෙනම විෂයක් ලෙසට ලොවට හඳුන්වා දුන්නේ මොහු විසිනි.එනම් දේශපාලන විද්යාවේ පැවති ගණිතමය කොටස් ආර්ථික විද්යාව ලෙස වෙනම විශයක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ මොහු විසිනි.රාඡ්ය නිර්බාදවාදී ආර්ථික ප්රතිපත්තිය, අදෘෂ්යමාන හස්තය,ශ්රම විභඡනය,නිරපේක්ෂ වාසිය,ඇඩම් ස්මිත් ඉදිරිපත් කරන ලද ආර්ථික සංකල්ප වේ.
මේ නිසා ඔහු ආර්ථික විද්යාවේ පියා ලෙස හැදින්වේ.නිදහස් වෙළඳ සංකල්පය මෙන්ම ශ්රම විභජනය පිළිබඳව වූ සංකල්පය ද මොහු විසින් බිහිකරන ලද සංකල්ප වන අතර ආර්ථික විද්යාව පිළිබඳ වැදගත් කෘතීන් දෙකක් රචනා කරන ලදී.
පළමු වැන්න The theory of Moral Sentiments වන අතර දෙවැන්න ලොව සුපතළ The wealth of Nation’s 1776 ග්රන්ථයයි .1776 දී ඔහු විසින් රචිත “Welth of Nation“ -"ජාතීන්ගේ ධනය" (සම්පූර්ණ ග්රන්ථ නාමය: " ජාතීන්ගේ ධනයේ හේතූන් හා ස්වභාවය ගැන විමසීමක්") නැමැති කෘතියෙන් මෙම විෂය ප්රකාශයට පත් කරන ලදී.(මෙය ආර්ථික විද්යාවේ ප්රථම විධිමත් ග්රන්ථය ලෙස සැලකේ) ආර්ථික විද්යාව යනු, "ධනය පිළිබද හදාරන විශයයි."එනම් ධනයේ ස්වභාවය හා ධනයට හේතු විමර්ශනය කිරීම ආර්ථික විද්යාව වේ.යනුවෙනි.


🍂ඩේවිඩ් රිකාඩෝ -David Ricardo.(1772-1823)


බ්රිතාන්ය ජාතිකයෙකු වන ඩේවිඩ් රිකාඩෝ මෙම කාලයේදී ආර්ථික විද්යාවේ වර්ධනයට දායක විය.
විදේශ වෙළඳාම සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි න්යාය වැනි සංකල්ප මොහු විසින් ලොවට හඳුන්වා දුන් වැදගත් සංකල්ප වේ. එමගින් විදේශ වෙළෙදාමට සම්බන්ධ වන සෑම ආර්ථිකයකටම වාසි ලබා ගත හැකි ආකාරය විග්රහ කර ඇත. නිදහස් වෙළෙඳාම වර්ධනය කිරීම සඳහා තීරුගාස්තු අවම ලෙස පවත්වා ගෙන යාම වැදගත් බව අවධාරණය කළ ඔහු, 1817 ප්රසිද්ධියට පත් කල "‘දේශපාලන ආර්ථිකයේ මූලධර්ම‘(Principles of Political Economy) ග්රන්ථයෙහි මේ බව සඳහන් කර ඇත.






🍂 ඇල්ෆ්රඩ් මාර්ෂල්-AlfredMarshell(1848-1923)


1842දී ලන්ඩන් නුවර උපත ලද ඇල්ෆ්රඩ් මාර්ෂල් විසින් පාරිභෝගික ඉල්ලුම් හා සැපයුම් තත්වයන් ප්රස්තාරිකව නිරූපණය කරන ආකාරයත් නිෂ්පාදන පිරිවැය සංකල්පය පිළිබඳවත් අදහස් දක්වන ලදී. සූක්ෂම ආර්ථික විද්යාවේ පියා ලෙස මොහු හඳුන්වයි.
"ආර්ථික විද්යාව යනු මිනිසාගේ ද්රව්යාත්මක සුබසාධනය සම්බන්ධ ක්රියාකාරකම් අධ්යනය කිරීමයි", යන්න ඔහු විසින් ඉදිරිපත් කර ඇති අදහස් වල සරල අර්ථයයි. මෙම නිර්වචනය පිළිබඳ විවේචන රාශියක් තිබුණු අතර ද්රව්යාත්මක සුබසාධනය පමණක් සැලකීම ප්රධාන අඩුපාඩුවය.
ඔක්ස්පර්ඩ් විශ්ව විද්යාලයේ ගණිතය පිළිබද උපාධියක් හිමි මාෂල් පසුව ක්රේම්බිජ් සරසවියේ “ආචාර විද්යාව” පිළිබඳ කථිකාචාර්යවරයෙකු විය.මේ යුගයේදී ආර්ථික විද්යාව හැදෑරීම ඇරඹු ඔහු 1855 දී ක්රේම්බ්රිජ සරසවියේ දේශපාලන ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය.උපයෝගීතාවය,ඉල්ලුම් න්යාය සහ වක්රය,නම්යතාවය,පාරිභෝගික අතිරික්තය මාෂල් විසින් ආර්ථික විද්යාවට දායාද කළ දෑය. මොහුට අනුව ආර්ථික විද්යාව යනු ද්රව්යමය හා සුබසාධනය පිළිබඳ විද්යාවයි. නැතහොත් මිනිසා එදිනෙදා සාමාන්ය කටයුතු වලදී හැසිරෙන ආකාරය පිළිබඳව හදාරණ විද්යාවයි. 

🍂යනල් රොබින්සන්- LionelRobbins(1898-1984)

මොහුගේ නිර්වචනය ආර්ථික විද්යාවේ ඉතාමත් වැදගත් නිර්වචනයකි. බොහෝ දෙනෙකු මෙම නිර්වචනයට එකඟතාවයක් මෙන්ම අනුකූලතාවයක් දක්වයි. 1932 වසරේදී ඔහු විසින් රචිත An Essay on the Nature and Significance of Economics යන කෘතියෙන් ඔහුගේ අදහස පහත පරිදි උපුටා දැක්විය හැක.
“හිඟ විකල්ප සහ සම්පත් සීමිත මිනිස් අවශ්යතාවන් සපුරා ගැනීමට අවශ්ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා ආකාරය අධ්යනය කිරීම ආර්ථික විද්යාව වේ.”
ඉහත නිර්වචනයට අනුව,
◽️වුවමනාවන් අසීමිතයි.
◽️සම්පත් සීමිතයි.
◽️සම්පත්වලින් විකල්ප ප්රයෝජන ගත
හැකියි.
◽️ලබාගත හැකි ප්රයෝජන අතුරින් තේරිමක්
කළ යුතුයි.
යන මූලික ලක්ෂණ මඟින් අපට කිසියම් ආකාරයකට මිනිසාගේ හැසිරීම් රටාව පිළිබඳව ආර්ථික විද්යාත්මක දෘෂ්ටිකෝණයකින් අවබෝධ කරගැනීමට හැකි වේ. රොබින්සන්ලග් නිර්වචනයද පරිපූර්ණ නිර්වචනයක් ලෙස බොහෝ දෙනා නොපිළිගනී. ප්රධානතම විවේචනය වන්නේ එම නිර්වචනය තුළ ආචාර ධර්ම නොසලකා හැර තිබීමයි. එවිට සුබසාධනය පිළිබඳ වූ සංකල්පය ආර්ථික විද්යාවට ඇතුළත් වීමට නොහැකි බව ඇතැමුන්ගේ අදහසයි.
1930 දී පමණ රොබින්සන් ඇතුළු අනුගාමිකයන් විසින් ආර්ථික විද්යාව තුළ වූ දේශපාලනමය කරුණු ඉවත් කර ශුද්ධ වශයෙන් ආර්ථික කරුණු පමණක් ගෙන විද්යාත්මක පදනමක් ඔස්සේ ඒවා ඉදිරිපත් කොට ඇත.ඒ අනුව ලයනල් රොබින්සන් ප්රකාශ කරනුයේ විකල්ප භාවිතා සහිත හිඟ සම්පත් හා මිනිස් වුවමනා අතර සම්බන්ධතාවයේ දී මිනිස් හැසිරීම් අධ්යනය කරන විෂයක් බවයි. මෙම නිර්වචනයට අනුව හිඟකම පිළිබඳ ප්රශ්නය පැන නඟින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් වුවමනා සපුරාලිය නොහැකි බැවින්ය. රොබින්සන්ට අනුව ආර්ථික විද්යාව තුළ සම්පත් හිඟතාව නිසා ඇතිවන ප්රශ්න අධ්යනය කරයි. එනම් සොබාදහම විසින් මානවයාට ඔහුගේ වුවමනාව සම්පූර්ණයෙන් තෘප්ත කරගැනීමට ප්රමාණවත් ආකාරයට සම්පත් ලබා දී නොමැති අතර එතුළින් කුමන වුවමනා සඳහා ප්රමුඛත්වය ලබාදී ඉටු කර ගත්තේද ? යන්න තීරණය කිරීමට සිදුවේ. ඒ පිළිබඳව අධ්යනය කිරීම ආර්ථික විද්යාව තුළ සිදුකරනු ලබන බව සඳහන් කරයි.


🍂ජෝන් මෙනාඩ් කේන්ස් - John Maynard Keynes (1883-1964):


කේනිසියානු ආර්ථික විද්යාව නැතිනම් කේනිසියානු න්යාය යනු විසිවන සියවසේ බ්රිතාන්ය ආර්ථික විද්යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්යායකි.
ආර්ථික විද්යා විෂය ක්ෂෙත්රය පෝෂණය සඳහා වැදගත් මෙහෙවරක් කළ ආර්ථික විද්යාඥයෙකු වන ජෝන් මෙනාඩ් කේන්ස් , කේන්සියානු ආර්ථික විද්යාව සඳහා පදනම දැමූ ආර්ථික විද්යාඥයා වේ.
මොහුට අනුව , ආර්ථික විද්යාව යනු සමස්ථ ආර්ථිකයේ මිල නිමවුම හා සේවා නියුක්තිය පිළිබඳ අධ්යනය කෙරෙන විද්යාවයි.1936 දී ප්රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්යාවේ පදනම ගොඩ නගමින් එම න්යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී.




🍂මිල්ටන් ෆ්රීඩ්මන්-1912-2006  (Milton Friedman)


ආර්ථික විද්යාව යනු කිසියම් ජන සමාජයක පවතින ආර්ථථිකමය ගැටලු විසඳන්නේ කෙසේද ? යන්න සොයා බලන විද්යාවකි. 1912දී නිවයෝර්ක් නුවර උපත ලද 1976දී ආර්ථික විද්යාව පිළිබඳ නොබෙල් ත්යාගය ලබාගත් ෆ්රීඩ්මන් චිකාගෝ සරසවියෙන් ශාස්ත්රපති උපාධිය ලබා ගත්තේය. 1940දී කේම්බ්රිජ් සරසවියෙන් දර්ශනශූරී ආචාර්ය උපාධිය ලබාගත් ෆ්රීඩ්මන් චිකාගෝ ගුරු කුලය ඇතිකිරීමේ ද පුරෝගාමියෙකු විය. නිදහස් තරඟකාරී වෙළඳපොළ ක්රමය රටක ආර්ථික දියුණුවට ප්රබල හේතුවක් වන බව ඔහු විසින් රචිත බොහෝ ග්රන්ථවල දැඩිලෙස අවධාරණය කර ඇත.
ඉහත සියලු ආකාරයට කර ඇති විෂය ක්ෂෙත්රයේ නිර්වචනයන් දෙස බලන විට දැක්විය හැක්කේ ප්රධාන සාධක දෙකක් පදනම් වී ඇති බවයි. එනම්,

01 පිරිවැයකින් තොර කිසිවක් ලොව නැත.-

එනම් සෑම නිශ්පාදනයක්ම කිසියම් පිරිවැයක් දරා නිපදවා ඇති බවයි.මිනිසාගේ පරිභෝජනය උදෙසා නිපද්වන ලද සියල්ල සඳහා පිරිවැයක් දරා තිබේ.එනම් එහි වටිනාකම මූලයමය වශයෙන් අගය කල හැකිය.එනම් ආර්ථික විද්යාවේ අවධානයට ලක්වන සෑම කටයුත්තක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය , බෙදා හැරීම හා පරිභෝජනය හා සම්බන්ධ වේ.

02 පුද්ගලයන් ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව:

එනම් තමා කෙරෙහි , තමාට උපරිම තෘප්තියක් ලබා ගැනීමට මිනිසා නිතරම කටයුතු කරන බවයි.එනම් විවිද විකල්ප අතුරෙන් අවශ්යතා සපුරා ගැනීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙන අකාරයට එම පරිභෝජනය සිදු කරනවා කියන එක.එනම් අප වඩා කැමති දෙය තෝරා ගැනිමට කටයුතු කරනවා යන්නයි.
මේ සියලු කරුණු සලකා බැලීමේදී පොදු කරුණක් තේරුම් ගත හැක. එනම් සිටළු නිර්වචන සම්පත් භාවිතය හා හැසිරවීම පදනම් කරගෙන ඇති බවයි. ඒ අනුව ආර්ථික විද්යවට පහත පරිදි පොදු නිර්වචනයක් ගොඩනඟා ගත හැකිය.
"ආර්ථික විද්යාව යනු විකල්ප ප්රයෝජන ඇති හිග සම්පත් අසීමිත මිනිස් වුවමනා ඉටුකර ගැනීම සඳහා බෙදා වෙන් කිරීමේදී මිනිසා හැසිරෙන්නේ කෙසේද යන්න අධ්යනය කිරීමයි. නැතහොත සීමිත සම්පත් වලින් අසීමිත වුවමනාවන් සපුරා ගන්නේ කෙසේද යන්න හදාරන විද්යාව ආර්ථික විද්යාවයි".

👍ආර්ථික විද්යාව හැදෑරිය යුත්තේ ඇයි:


ආර්ථික විද්යාඥයින්ගේ හා දේශපාලන චින්තකයින්ගේ අදහස් නිවැරැදි වූවත් වැරදි වූවත් ඒවා අප සිතනවාට වඩා ප්රබල බලපෑමක් සමාජය වෙත විකාශනය කරයි. සැබැන්වින්ම ලොව මෙහෙයවනු ලබන්නේ එබඳු අදහස් වලින් මිස වෙනත් දෙයකින් නොවන බව ජෝන් මෙනාඩ් කේන්ස් සඳහන් කළේය. වර්තමානයේ ප්රචලිතව පවත්නා බොහෝ මතවාද ඇඩම් ස්මිත්, ජෝන් ස්ටුවට් මිල්, කාල් මාර්ක්ස්, ජෝන් මෙනාඩ් කේන්ස්, මිල්ටන් ෆ්රිඩ්මන් වැනි අතීතයේ විසූ කීර්තිමත් ආර්ථික විද්වතුන් විසින් ගොඩනඟනු ලැබූ ඒවා වේ. නූතන රාජ්ය පාලකයෝ තම රාජ්ය පාලනය සඳහා අවශ්ය උපදෙස් හා ප්රතිපත්ති නිර්දේශ, ආර්ථික විද්වතුන්ගෙන් නිරන්තරවම ලබා ගැනීමට පුරුදුව සිටිති.මේ අනුව ආර්ථික විද්යාව හැදෑරීම කරුණු කිහිපයක් නිසා වැද්ගත් වෙයි.

1.රාජ්ය පාලනයේදී වැදගත් වීම.
2.සාර්ථක පුරවැසියකු ලෙස කටයුතු කිරීමට වැදගත් වීම
3.ආර්ථික සංසිද්ධි වඩා හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම
4.ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට, නිශ්පාදකයන්ට තීරණ ගැනීමේදී වැදගත් වීම
5.ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිතා කිරීමේදී වැදගත් වීම
6.පාසල් ශිෂ්යයින්ට තාර්කිකව සිතා තීරණ ගත හැකි වීම.
7.පුද්ගලයන්ට වඩා හොඳ රැකියාවක් තෝරා ගැනීමේදී වැදගත් වීම

☑️කලාවක් හා විද්යාවක් අතර වෙනස:
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කලාවක් යනු විද්යාත්මක ක්රමයක් මඟින් හේතුඵල සම්බන්ධතාවක් නොදක්වන විධිමත් දැනුම් සම්භාරයකි.
විද්යාවක් ලෙස සලකන්නේ ඉදිරිපත් කරන උපකල්පන සැබෑ දත්ත සමඟ පරීක්ෂා කර බලා පිළිගැනීමට හෝ ප්රතික්ෂේප කිරීමට යොදාගනු ලබන ක්රමවේදයයි.

🌱ආර්ථික විද්යාව විද්යාවකි:

විද්යාත්මක ක්රමය අනුගමනය කරනු ලබන ඕනෑම විෂයක් විද්යාවක් ලෙස සැලකේ. ඒ අනුව ආර්ථික විද්යාවේ එන විෂය කරුණුද විද්යාත්මක ක්රමය අනුගමනය කරමින් සැබෑ සාක්ෂි හා සම්බන්ධ කොට විමසා බැලෙන බැවින් එය විද්යාවක් ලෙස හැඳින්වේ.
🌱ආර්ථික විද්යාවේ ක්රමවේදය:
ආර්ථික විද්යාව සමාජීය විද්යාවක් ලෙස සැලකේ. එහිදී මූලික අවධානය යොමු කරන්නේ. මිනිසා හා සමාජයේ ආර්ථිකමය හැසිරීම් හා අාර්ථික සංසිද්ධීන් පැහැදිලි කිරීම, විශ්ලේෂණය කිරීම හා පුරෝකථනය කිරීම යන කාර්යයන් සඳහාය.ඒ සඳහා යොදා ගැනෙන ප්රකාශ ප්රධාන ස්වරූප දෙකක් ගනී.
01. යථානුරූපී ප්රකාශ
02. අභිමතානුරූපී ප්රකාශ

01. යථානුරූපී ප්රකාශය:
"කුමක්ද ,කුමක් වූයේද, කුමක් වනු ඇත්ද ආදී ප්රශ්න වලට පිළිතුරු දීම සඳහා යොමු වූ, ප්රකාශයේ නිරවද්යතාව පරීක්ෂාවට ලක් කල හැකි ප්රකාශ" යථානුරූපී ප්රකාශ නම් වේ.ඒවා බොහෝ විට ලෝකයේ පිලිගත් න්යායන් විය හැක.
එනම් යමක පවතින ස්වභාවය සහ ඒ ඇසුරින් අනාගතයේ නිශ්චිතවම සිදුවනුයේ කුමක්දැයි දැක්වෙන ප්රකාශ ය.
යථානුරූපී ප්රකාශයක් හරි හෝ වැරදි විය හැකිය.එබඳු ප්රකාශයක නිරවද්යතාව සැබෑ ලොව කරුණු ඇසුරෙන් පරීක්ෂාවට ලක්කොට බැලිය හැකිය. සැබෑ ලොව දත්ත මඟින් එම ප්රකාශය තහවුරු වුවහොත් එය පිළිගැනේ. එනම් සැබෑ දත්ත මඟින් තහවුරු වුවහොත් පමණක් එබඳු ප්රකාශයක් නිවැරැදි එකක් ලෙස භාර ගනු ලැබේ. නැතහොත් ප්රතික්ෂේප කෙරේ.එබැවින් යථානුරූපී ප්රකාශයන්හි කිසියම් විද්යාත්මක බවක් න්යායාත්මක බවක් දැකිය හැකිය. බොහෝ ආර්ථික න්යායන් මඟින් පැහැදිලි කෙරෙන්නේද යථානුරූපී ප්රකාශයන්ය .එසේම යථානුරූපී ප්රකාශ දැඩි ලෙස විෂයානුබද්ධ බවක්ද පවතී. යථානුරූපී ප්රකාශ සඳහා නිදසුන් කිහිපයක්ද පහත දැක්වේ.

🔹මුදල් සැපයුම හා මිල මට්ටම අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතී.
🔹මිලත් ඉල්ලුම් ප්රමාණයත් අතර ප්රතිලෝම සම්බන්ධතාවක් පවතී.
🔹2019 වර්ෂයේ ශ්රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතය 3% ක් විය.
🔹ශ්රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය 1%කි.
ආර්ථික හැසිරීම් සහ සංසිද්ධීන් පැහැදිලි කිරීමට යථානුරූපී ප්රකාශ යොදාගැනේ.

02. අභිමතානුරූපී ප්රකාශ:
සමාජය තුළ පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරිපත් වී ඇති ප්රකාශ අභිමතානුරූපී ප්රකාශ වේ. එනම් එවැනි ප්රශ්න වලට දෙන පිළිතුර හා යොමු වුණු ප්රකාශයන්ය.අභිමතානුරූපී ප්රකාශ පුද්ගල අදහස්, විශ්වාස සහ සාරධර්ම ආදිය මත රඳාපවතින බැවින් මේවා බොහෝ සෙයින්ම පුද්ගල බද්ධ වේ. සැබෑලොව දත්ත ඇසුරෙන් විෂය බද්ධව අභිමතානුරූපී ප්රකාශ වල සත්ය අසත්ය බව පරීක්ෂා කිරීම අපහසුය.එනම්, එම ප්රකාශය කරනු ලබන පුද්ගලයා හොඳ නරක වශයෙන් විශ්වාස කරනු ලබන අදහස් හෙවත් සාරධර්ම මත එම ප්රකාශ රඳාපවතී. එබැවින් එබඳු ප්රකාශයක නිරවද්යතාව විෂය බද්ධ ආකාරයකින් පරීක්ෂා කර බැලිය නොහැකිය. හොඳ නරක පිලිබඳ අදහස් පුද්ගලයන් අතර විවිධත්වයක් ගන්නා බැවින් විද්යාත්මක පදනමකින් එම ප්රකාශවල.සත්ය අසත්යතාව පරීක්ෂණයට පාත්ර කළ නොහැකිය.

අභිමතානුරූපී ප්රකාශ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

☑️සෑම රාජ්ය සේවකයෙකුගේම මාසික වැටුප රුපියල් 5000කින් වැඩිකළ යුතුය.
☑️ශ්රී ලංකාව සංවර්ධනයට විදේශාධාර ලබා ගත යුතුය.
☑️සෑම පුරවැසියෙකුටම නොමිලේ වෛද්යාධාර ලබා දිය යුතුය.
☑️ශ්රී ලංකාවේ ආර්ථික වෘද්ධිය 8% මට්ටමේ වත් තබා ගත යුතුය.
☑️අවම වැටුප් ඉහළ නැංවිය යුතුය.
ආර්ථික ප්රතිපත්ති පිළිබඳ විග්රහයන් සඳහා අභිමතානුරූපී ප්රකාශ වැදගත් වේ.
ආර්ථික විද්යාව විෂය සඳහා මෙම ප්රකාශන බලපාන ආකාරය
ආර්ථික විද්යා ආදර්ශ ගොඩනැංවීම
ආර්ථික විද්යා විෂය තුළ අන්තර්ගත වන ආර්ථික හැසිරීම් හා සංසිද්ධීන් පැහැදිලි කිරීමට යොමුවුණු ආර්ථික න්යායන් හෙවත් යථානුරූපී ප්රකාශ ගොඩනැඟීමේදී පහත පියවර අනුගමනය කළ යුතුය.
01. දත්ත නිරීක්ෂණය කිරීම හා මිනුම් කිරීම
02. ආදර්ශ ගොඩනැංවීම
03. සැබෑ දත්ත සමඟ සැසඳීම

ආදර්ශ ගොඩනැංවීමේ වැදගත්කම

ආදර්ශ ගොඩනැංවීමේ අරමුණු වන්නේ, සැබෑ ලොව දක්නට ලැබෙන සංකීර්ණ තත්වයන් එක්වර අධ්යයනය කිරීම දුෂ්කර හා ඵලදායි නොවන බැවින් අවශ්ය කරුණු පමණක් වෙන් කොට අධ්යනය කිරීමේ අවශ්යතාවයි. මෙහිදී අනවශ්ය විස්තර හා වැදගත් නොවන සාධක බැහැර කොට අදාළ.හැසිරීම පැහැදිලි කිරීමට ප්රයෝජනවත් වියහැකි සාධක පමණක් වෙන් කොට ගනු ලැබේ. ආදර්ශ ගොඩනැංවීමේ දී මෙලෙස යථාර්ථයෙන් තරමක් දුරට හෝ ඉවත් වීම වීම නොවැළැක්විය හැකි වුවත් ආදර්ශ මඟින් හැසිරීම හා සිදුවීම් පැහැදිලි කිරීම සෑම විද්යාවකම පොදුවේ භාවිතා කරනු ලබන සාර්ථක ක්රමවේදයකි. මෙලෙස යථාර්ථයෙන් තරමක් ඈත් වීම නිසා ආදර්ශ මඟින් යථාර්ථය නිරූපණය නොවේ යැයි යමෙකුට තර්ක කළ හැකිය.
එහෙත් ආදර්ශයක් මඟින් අප බලාපොරොත්තු වන්නේ සැබෑ ලොව එපරිද්දෙන් නිරූපණය කිරීම නොව සැබෑ ලොව දක්නට ලැබෙන සිද්ධියක් හෝ හැසිරීමක් පැහැදිලි කිරීමටය.

ආදර්ශ ගොඩනැංවීමේ පියවර

☑️අදාළ ගැටලුව නිවැරදිව හඳුනා ගැනීම
☑️එය පැහැදිලි කිරීම සඳහා ප්රයෝජනවත්
විචල්යන් තෝරා ගැනීම
☑️උපකල්පන දැක්වීම
☑️කල්පිත ඉදිරිපත් කිරීම
☑️කල්පිතය ආශ්රයෙන් පුරෝකතනය කිරීම
☑️පුරෝකතනයෙහි නිරවද්යතාව මත න්යාය
පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම

🔹ආර්ථික විද්යාවේ ප්රභේද

ආර්ථික විද්යාව පහත පරිදි උප කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක.
☑️සූක්ෂම ආර්ථික විද්යාව සහ සාර්ව ආර්ථික විද්යාව
☑️යථානුරූපී ආර්ථික විද්යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්යාව (ප්රතිජානක ආර්ථික විද්යාව හා ප්රතිමාණක ආර්ථික විද්යාව)

🍂සූක්ෂම ආර්ථික විද්යාව සහ සාර්ව ආර්ථික විද්යාව (Micro Economics & Macro Economics)


ආර්ථිකයක කුඩා ඒකකයක හෝ විචල්යයක හැසිරීම පිළිබඳව අධ්යනය කිරීම සූක්ෂම ආර්ථීක විද්යාවයි. මෙහිදී ආර්ථිකයේ කුඩා ඒකකයක් පිළිබඳව ගැඹුරින් අධ්යනය කරයි. සූක්ෂම යන වචනයෙන් “මිලියනයෙන් පංගුවක්” යන අදහස දෙයි. එනම් ඉතා කුඩා කොටසක් යන අර්ථයයි. එබැවින් සූක්ෂම ආර්ථික විද්යාවේදී ආර්ථිකයේ කුඩා ඒකක පිළිබඳව හැදෑරීමක් සිදුකරයි. උදාහරණයක් වශයෙන් පාරිභෝගිකයෙකුගේ හැසිරීම, නිෂ්පාදන ආයතනයක හැසිරීම, කිසියම් භාණ්ඩයන මිල හා ඉල්ලුම සැපයුම, පාරිභෝගිකයෙකුගේ ආදායම, කිසියම් කර්මාන්තයක හැසිරීම ආදිය දැක්විය හැකිය.
ආර්ථිකයක සමස්ථ ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්යනය කිරීම, සාර්ව ආර්ථික විද්යාවයි. මෙහිදී ආර්ථිකය සමස්ථ ඒකකයක් ලෙස ගෙන හැදෑරීමට ලක් කරයි. එනම් පරිභෝජනය, ආයෝජනය, සාමාන්ය මිල මට්ටම, ජාතික නිමවුම, ජාතික ආදායම, ජාතික වියදම ආදිය උදාහරණ වශවයන් දැක්විය හැක. මෙම විශ්ලේෂණ දෙකෙන් එකක් අනෙකට වඩා වැදගත් වේ යැයි ප්රකාශ කළ නොහැක. මෙම අංශ දෙකේම ඇති සිදධාන්තයන් සාර්ව ආර්ථික ප්රතිපත්ති සැකසීමේදී ප්රයෝජනයට ගනී.
මෙම වර්ගීකරණය මුලිනම් ඉදිරිපත් කරන ලද්දේ 1933දී ඔස්ලෝ විශ්වවිද්යාලයේ මහාචාර්ය රුග්නාර් ප්රීෂ් (Rugnar Frisch) විසිනි. නමුත් සූක්ෂම හා සාර්ව ආර්ථික විද්යාව වශයෙන් විෂයන් දෙකක් ලෙස වෙන වෙනම වර්ධනය වූයේ 1936දී ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද “පොදු න්යායට” පසුවයි. එතැන් සිට බොහෝ ආර්ථික විද්යා සංකල්ප හා ප්රකාශන සූක්ෂම හා සාර්ව ලෙස වර්ග කිරීමට බොහෝ ආර්ථික විද්යාඥයින් පෙළඹී ඇත. මෙකී වර්ගීකරණය මහාචාර්ය ලිප්සි විස්තර කර ඇත්තේ මෙෙස්ය.
“සූක්ෂම ආර්ථික විද්යාව තනි තනි වශයෙන් ඇති වෙළඳපොළවල මිල ගණන් හා එකී වෙළඳපොළවල් අතර පවත්නා සබඳතාවයනුත් පිළිබඳ කටයුතු කරයි.
සාර්ව ආර්ථික විද්යාව මීට වඩා බෙහෙවින් පු‍‍‍ළුල් වූ සමාහාරයන් පිළිබඳව අවධානය යොමු කරයි. එය මුළු සේවා නියුක්ත හා වියුක්ත පුද්ගලයන්, සාමාන්ය මිල මට්ටම, සමස්ථ ජාතික නිමැවුම, සමාහාර පරිභෝජනය වැනි දෑ පිළිබඳව විමසා බලයි”
කෙටියෙන්ම ප්රකාශ කරන්නේ නම් “සාර්ව ආර්ථික විද්යාව යනු සූක්ෂම ආර්ථික විද්යාවේ පරස්පරයයි.”
🍂යථානුරූපී ආර්ථික විද්යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්යාව/ ප්රතිජානක ආර්ථික විද්යාව හා ප්රතිමාණක ආර්ථික විද්යාව (Positive Economics & Normative Economics)
(ඉහත මේ පිළිබඳව සඳහන් කර ඇති කොටසට අමතර පැහැදිලි කිරීමක් වශයෙනි)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
යථානුරූපී ආර්ථික විද්යාවෙන්, කිසියම් ආර්ථික ගැටළුවක් විද්යාත්මකව පැහැදිලි කරන අතර , මෙකී ගැටළුව එක් එක් පුද්ගලයන් තම විශ්වාස, සාරධර්ම හා ඇදහිලි මත පැහැදිලි කරන්නේ නම් එය අභිමතානුරූපී ආර්ථික විද්යාවට අයත් වේ. එනම් පුද්ගල මතවාදයන්ගෙන් තොරව ආර්ථික විචල්යයන් විග්රහ කිරීම යථානුරූපී ආර්ථික විද්යාව යි. ඒ අනුව යථානුරූපී ආර්ථික විද්යා ප්රකාශයන් මඟින් කිසියම් දෙයකකලින් පැවති තත්වය, දැනට පවතින තත්වය, ඉදිරියට ඇතිවන තත්වය එලෙසින්ම දක්වයි. මෙම ප්රකාශ පරීක්ෂාවට භාජනය කළ හැකි අතර පුද්ගල විනිශ්චය මත තීරණය නොවේ.
උදා:- උපාධිධාරීන්ට රැකියා ලබා දීම නිසා සේවා නියුක්තිය ඉහළයයි.
ශ්රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් පවතී.
පුද්ගල මතවාදයන් පදනම් කරගෙන ආර්ථික විචල්යයන් විග්රහ කිරීම අභිමතානුරූපී ආර්ථික විද්යාවයි. ඒ අනුව අභිමතානුරූපී ආර්ථික විද්යා ප්රකාශයක් මඟින් කිසියම් දෙයක, පැවතිය යුතු ස්වභාවය හෝ සිදුවිය යුත්තේ කුමක්ද යන්න පෙන්වයි. මේවා පෞද්ගලික විනිශ්චයන් මත ප්රකාශ කරන බැවින් කිසිසේ පරීක්ෂාවට ලක් කල නොහැක. නමුත් ඇතැම් අභිමතානුරූපී ප්රකාශ යථානුරූපී සාක්ෂි මත පදනම් වී ඇත.
උදා :- උපාධිධාරීන්ට රැකියා ලබා දීම රජයේ වගකීමකි.
බොහෝ විට අභිමතානුෑපී ආර්ථික විද්යාවේ දී විශ්ලේෂනය හා පුරෝකථනය මත පමණක් රැඳී නොසිට පැවතිය යුතු තත්වය සලකා බලයි. නිදසුන: ශ්රී ලංකාව තුළ රාජ්ය ණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය අඩුකර ගැනීමට කටයුතු කළ යුතුය.නැතහොත් එය අනාගත පරම්පරාවල් ණය කරුවන් කිරීමට හේතු වනු ඇත.
ඉහත ප්රකාශය තුළ ආර්ථිකයේ දැනට පවත්නා තත්වය පමණක් නොව අනාගතයේදී ඇතිවිය හැකි තත්වයද විග්රහ කරයි.මෙවැනි ප්රකාශ අදාළ වන්නේ අභිමතානුරූපී (ප්රතිමාණක) ආර්ථික විද්යා ගණයටයි. ආර්ථික ප්රතිපත්ති සැකසීමේදී වඩාත් වැදගත් වනුයේ අභිමතානුරූපී ආර්ථික විද්යාවයි. විද්යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූවිට ආර්ථික විද්යාව යථානුරූපී විද්යාවකි. ඇත්තටම සිදුවන්නේ කුම්කද යන්න පිළිබඳ එයින් ප්රකාශ කරයි. නැතහොත් සත්ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන ප්රශ්නයට එය පිළිතුරු දෙයි. බොහෝ සම්භාව්ය ආර්ථික විද්යාඥයින් මෙන්ම ලයනල් රොබින්සන් වැනි පසුකාලීන ආර්ථික විද්යාඥයින්ගේඅදහසද ආර්ථික විද්යාව , යථානුරූපී විද්යාවක් විය යුතු බවයි. නමුත් වර්තමානයේ එය යථානුරූපී මෙන්ම අභිමතානුරූපී විද්යාවක් ලෙසද පිළිගැනේ. මහාචාර්ය ලිප්සි විසින් පහත සංකල්පය පැහැදිලි කර ඇත.
"යම් දෙයක් දැනට පවතින ස්වභාවය හෝ අතීතයේ පැවතුණු, අනාගතයේ පවතින ස්වභාවයන්ට අදාළ වන්නේ යථානුරූපී ප්රකාශයන්ය. එකී ප්රකාශ මඟින් අප ජීවත්වන්නා වූ විනිශ්චය පිළිබඳව ගෙනහැර දක්වා ඇති කරුණු ස්ථිර ලෙසම තහවුරු කෙරේ. අභිමතානුරූපී ප්රකාශ යම් දෙයක තිබිය යුතු ස්වභාවය හා සම්බන්ධ වේ. ඒවායේ හොඳ නරක පිළිබඳව අපගේ නිගමන වන සාරධර්ම විනිශ්චය මත පදනම් වේ. ඒවා අපගේ දාර්ශනික, සංස්කෘතික හා ආගමික තත්වයන් හා අත්යන්තයෙන් බැඳී පවතී."
අභිමතානුරූපී ව බලනවිට ආර්ථික විද්යාව කලාවක් බව මාර්ෂල් අදහස් කලේ එබැවිනි. අභිමතානුරූපී ප්රකාශ ආත්මගත කරුණු මත රඳා පවතින බැවින් පොදු හා ස්ථාවර බවක් නැත.

🍂ආර්ථික විද්යාවේ විෂය කරුණු:

පෙර සඳහන් ආර්ථික විද්යාවේ නිර්වචනයන්ට අනුව, ආර්ථික විද්යාව යනු කුමක්ද යන්න පිළිබඳව අපට අවබෝධයක් ලබාගත හැක. ඒ අනුව ආර්ථික විද්යාවේ සංධර්භය නැතහොත් හරය කුමක්ද යන්න පැහැදිලිව හඳුනාගත හැක. ආර්ථික විද්යාවේ විශාල ගැටළු ප්රමාණයක් හට ගන්නේ මිනිස් අවශ්යතා සපුරාලීමට අවශ්ය සම්පත් සොයාගැනීමට යාමේදීය. මිනිස අවශ්යතා ආර්ථික විද්යාවේ ආරම්භයට මූලික සාධකයකි. සමාජයක පවත්නා සම්පත් විවිධාකාර වේ. ඒවා මිනිසා විසින් නිපදවන සම්පත් මෙන්ම ස්වාභාවික සම්පත් මෙන්ම ස්වාභාවික සම්පත් ද වේ. එනම් මිනිසා සතු කායික සහ මානසික ශ්රමය මිනිසා විසින් නිපදවන ලද යන්ත්ර, උපකරණ ආදියෙන් සම්පත් තොගය සමන්විතයි. මිනිස් අවශ්යතා අතර සම්පත් වෙන්කිරීම හා සම්බන්ධ වූ කරුණු පිළිබඳ ආර්ථික විද්යාවේ දී සාකච්ඡා කරනු ලබයි. ප්රධාන ප්රශ්න පැනනගිනුයේ මිනිස් අවශ්යතාවලට සාපේක්ෂව පවත්නා සම්පත් සීමිත වීම නිසාය. එනම් මිනිස් අවශ්යතා සපුරාලීමට තරම් සම්පත් නොමැතිකම නිසයි. මිනිස් අවශ්යතා විවිධ වූ සාධක මත තීරණය වීම නිසා සම්පත් වේ කිරිමේ ගැටළුවක් ඇතිවේ. ඊට හේතුව රටක නිෂ්පාදන හැකියාව තීරණය වීම කෙරෙහි එම රටේ සම්පත් තොගය වැදගත් වීමයි. රටක සම්පත් තොගය නැතහොත් සම්පත් සම්භාරය වැඩිවූ විට එම රටේ නිෂ්පාදන හැකියාව වැඩිවේ. මේ නිසා රටක සම්පත් තොගය පිළිබඳව අධ්යනට කිරීම වැදගත් වේ.
🍂ආර්ථික විද්යාවේ විෂය කරුණු පිළිබඳ නූතන මතය:

ආර්ථික විද්යාවේ විෂය කරුණු පිළිබඳ ඉහත දැක්වූ මතය සාම්ප්රදායික මතයයි.වර්තමානයේ එ් පිළිබඳ ව පිළිගත් මතය ඉතා සංකීර්ණ වේ. සාම්ප්රදායික මතය මඟින් විස්තර වන්නේ ආර්ථිකයේ එක් අංශයක් පමණි. නමුත් නූතන විග්රහයට අනුව ආර්ථික විද්යාව මිල න්යායට නැතහොත් සූක්ෂම ආර්ථික විද්යාවට පමණක් සම්බන්ධ නොවේ. ඉන් මුළු ආර්ථිකයම සමස්තයක් ලෙස අධ්යනය කරයි.
උදාහරණයක් ලෙස ආර්ථිකයක ජාතික ආදායම ජනිත වන්නේ කෙසේද රටක ආදායම හා සේවා නියුක්ති මට්ටම තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳ ව මෙහිදී හදාරණු ලබයි. එසේම රටක ජාතික ආදායම, ඉතිරි කිරීම්, ආයෝජන, නිමවුම, සේවා නියුක්තිය හා පොදු මිල මට්ටම වැනි සාධක තීරණය වන්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලයි. ආර්ථිකය
සමස්ථයක් ලෙස අධ්යනය කිරීම සාර්ව ආර්ථික විද්යාව වන අතර, එබැවින් ආර්ථික විද්යා විෂය ක්ෂේත්රයට සූක්ෂම ආර්ථික විද්යාව මෙන්ම සාර්ව ආර්ථික විද්යාව ද ඇතුළත්ය. ආර්ථිකය වර්ධනය වන්නේ කෙසේද, විශේෂයෙන් ම ඌණ සංවර්ධන රටක් සංවර්ධන මට්ටමට පත් වන්නේ කෙසේද, එමෙන්ම වර්ධිත රටක් තවදුරටත් සංවර්ධනය වන්නේ කෙසේද යන කරුණු කෙරෙහිද වඩා මෑතකදී විශේෂ අවධානයන් යොමුකර ඇත. මේ නිසා ආර්ථික විද්යාවට ආර්ථික වර්ධනය පිළිබඳව හැදැරීමද ඇතුළත් වේ. සැකෙවින් දක්වතොත් වර්තමානයේ දරනු ලබන මතය අනුව ආර්ථික විද්යාවේ විෂය කරුණු වලට ප්රධාන වශයෙන්ම මිල න්යාය නැතහොත් සූක්ෂම ආර්ථික විද්යාව, ආදායම් හා සේවා නියුක්ති න්යාය හෙවත් සාර්ව ආර්ථික විද්යාව හා ආර්ථික වර්ධන න්යාය ඇතුළත්වේ. පුළුල්ව සලකා බලන කල මිනිසා ජීවත් වන හා වැඩ කරන ආර්ථික පද්ධතිය පිළිබඳව හැදෑරීමට නූතන ආර්ථික විද්යාවට පදනම් වී ඇත. ආර්ථිකය කුමන භාණ්ඩ හා සේවා නිපදවන්නේද, ඒවා කාර්යක්ෂමව නිෂ්පාදනය කරන්නේ කෙසේද, ආර්ථිකයේ වර්ධනය සඳහා ඒවා බෙදා හරින්නේ කෙසේද පිළිබඳව තීරණ ගැනීම ආර්ථික විද්යාව මඟින් සිදුකරයි.

No comments:

Post a Comment