Saturday, November 2, 2019

විද්‍යාව හැදින්වීම- පළමු ලිපිය (2019/11/01)

අර්ථික විද්‍යාව -පළමු පාඩම.

අර්ථික විද්‍යාව හැදින්වීම-01 (2019/11/01)
------------------------------------------------------------------

ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු, එනම් සමාජයක් තුලදී මිනිසාගේ හැසිරීම මූලිකවම අධ්‍යයනය  කරයි.

ආර්ථික විද්‍යාව මගින් සිදු කරනුයේ සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා පුළුල්ව අධ්‍යයනයකි,එසේම එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් මොනවාද යන්නත් ඒවා අතර අන්තර් සම්බන්දතාවයක් පවතිනුයේ කෙසේද යන්නත් පිලිබඳව විධ්‍යාත්මකව අධ්‍යයනය කල හැකි ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් ආර්ථික විද්‍යාව සමන්විත වේ.

ඒ අනුව ආර්ථික විද්‍යාව,සමාජයේ පවතින සීමාසහිත සම්පත් ප්‍රමාණයක් භාවිතයෙන් මිනිසාගේ අවශ්‍යතා සහ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමේ දී නිෂ්පාදනය,බෙදාහැරීම හා පරීභෝජනය යන මූලික් ආර්ථික කටයුතු වලදී මිනිසාගේ හැසිරිම විග්‍රහ කිරිමේ  අරමුණට යොමු වු විෂයක් ලෙස හැඳින්විය හැකිය.

එනම් ආර්ථික විද්‍යාව යනු නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. තව දුරටත් කියන්නේ නම් මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පත් ගලපන විද්‍යාවකි.

සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරම් (පිරිමැහිය නොහැකි තරම්) සම්පත් නොමැති වීමයි. සම්පත් සීමිත නොවේ නම් , එනම් ඕනෑතරම් සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදී එම හිඟ සම්පත් හැසිරවීම පිළිබඳව අධ්‍යයනය කරයි.





No comments:

Post a Comment