උසස් පෙළ අර්ථික විද්‍යාව
පළමු පාඩම: අර්ථික විද්‍යාව හැදින්වීම-
දෙවන ලිපිය (2019/11/13)
------------------------------------------------------------
☑️ආර්ථික විද්‍යාව යනු කුමක්ද ?🤗
විද්‍යාවක් වශයෙන් අදහස් වන්නේ කිසියම් හේතුවක් හා ඵලයක් අතර යම් යම් සීමාවන්ට යටත්ව විග්‍රහ කරන කිසියම් දැනුම් සම්භාරයකි.
විද්‍යාවක් මඟින් කරුණු සපයාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව යම් යම් කරුණු විග්‍රහ කරයි. ඇතැම් විට නොයෙකුත් උපකල්පන මත පදනම්ව විද්‍යාවක් මඟින් කරුණු විශ්ලේෂණය කර නිගමන ඉදිරිපත් කරයි.
ආර්ථික විද්‍යාවක් මඟින් සිදුකරනුයේද මිනිස් සමාජයේ මිනිසා හැසිරෙන ආකාරය විමසා බලා යම් යම් නිගමන ලබාදීමයි. එනම් මිනිස් සමාජයේ යම් යම් ප්‍රශ්න ආර්ථික න්‍යායන් හා තීරණ ගැනීම සිදුකරයි.
මේ අනුව ආර්ථික විද්‍යාව මඟින් සිදුකරනුයේද යම්කිසි පර්යේෂණයකි. එම පර්යේෂණය වනුයේ සමාජය තුළ මිනිසා ආර්ථික වශයෙන් හැසිරෙන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීමයි.
නිගමනය නැතහොත් තීරණය වනුයේ එම සමාජයේ ගැටළු වලට මිනිසා විසඳුම් ලබාගන්නා ආකාරයන් ආර්ථිකමය දෘෂ්ටියකින් ආර්ථික විද්‍යාව තුළ විග්‍රහ කිරීමයි.
මේ අනුව ආර්ථික විද්‍යාව ද හේතු සහ එහි ප්‍රතිඵල විග්‍රහ කරන න්‍යායක් බැවින් එය විද්‍යාවක් වශයෙන් හැඳින්විය හැක.
අනෙකුත් ශුද්ධ විද්‍යාවන් මෙන් ආර්ථික විද්‍යාවේ ප්‍රතිඵල විද්‍යාගාර තුළ පර්යේෂණ මඟින් දැක්විය නොහැකි බැවින් (ඔප්පු කළ නොහැකි බැවින්) ආර්ථික විද්‍යාව ශුද්ධ විද්‍යාවක් නොවේ.
එහිදී අනෙකුත් ශුද්ධ විද්‍යාවන්ට සාපේක්ෂව එහි යම් යම් සීමාවන් හා උපකල්පන බහුල වේ. මේ නිසා ආර්ථික විද්‍යාව අයත් වනුයේ සමාජයීය විද්‍යා ගණයටයි. ආර්ථික විද්‍යාවට විෂය කරුණු වී ඇත්තේ මිනිස් සමාජයේ ආර්ථික පදනමයි.
ආර්ථික කටයුතු සඳහා සමාජයක් සංවිධානය වී ඇත්තේ කෙසේද ? එහිදී අැතිවන ගැටළු හා ඒවා විසඳාගන්නා ආකාරය, ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ නංවන්නේ කෙසේද යනාදී කරුණු කෙරෙහි ආර්ථික විද්‍යාවේදී ප්‍රබල අවධානයක් යොමු කරයි.
ආර්ථිකයක ප්‍රධාන අරමුණක් වනුයේ එම සමාජයේ නැතහොත් ආර්ථිකයේ මිනිස් අවශ්‍යතා උපරිම වශයෙන් තෘප්තිමත් කිරීමයි. මේ නිසා ආර්ථික විද්‍යාවේ විෂය කරුණු යොමු වී ඇත්තේ එම මිනිස් අවශ්‍යතා උපරිම වශයෙන් සපුරාලන්නේ කෙසේද? එහිදී ඇතිවන ගැටළු මොනවාද? යන්න විග්‍රහ කිරීමටයි.
අවශ්‍යතා සපුරාලීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුතුය. එසේ භාණ්ඩ හා සේවා නිපදවීමට අවශ්‍ය සම්පත් සීමිතය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සීමිත නොවන අතර ඒවා කාලානුරූපීව වර්ධනය වේ. අවශ්‍යතා වර්ධනය වීමත් සමඟම සම්පත්ද වර්ධනය වන්නේ නම් ආර්ථික විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත. මක් නිසාද යත් එහිදී හිඟකමක් ඇතිනොවන බැවිනි.
ආර්ථික විද්‍යාවේ පදනම වනුයේ හිඟකමයි. නිදසුනක් වශයෙන් කාලීනව ඇඳුම් පැළඳුම් (විලාසිතා, මෝස්තර) ආහාර පාන, විවේකය හා විනෝදාස්වාදය වැනි අවශ්‍යතා වර්ධනය වේ. නමුත් ඊට සාපේක්ෂව පවත්නා සම්පත් වර්ධනය වීමක් සිදුනොවේ.
මේ නිසා පවත්නා සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා සපුරාගැනීමට යාමේදී මිනිසුන් හැසිරෙන ආකාරය විග්‍රහ කරන ක්‍රමය ලෙසද ආර්ථික විද්‍යාව හැඳින්විය හැක.
සම්පත් වල හිඟකම පිළිබඳ සාකච්ඡා කිරීමේදී එය සාපේක්ෂ සංකල්පයක් බව පැහැදිලි වේ. එනම් හිඟකම යනුවෙන් අදහස් වනුයේ මිනිස් අවශ්‍යතා වලට සාපේක්ෂව පවත්නා සම්පත් ප්‍රමාණවත් නොවන බවකි.
හිඟකම නැමැති සංකල්පය සංවර්ධිත, සංවර්ධිත නොවන සංවර්ධනය වෙමින් පවතින මෙන්ම දුප්පත්, පොහොසත්, වෙළඳපොළ, වෙළඳපොළ නොවන ඕනෑම ආර්ථිකයකට අදාළ වන පොදු සංකල්පයක් වේ. හිඟකම යනු සාපේක්ෂ සංකල්පයක් බව පහත සටහනින් අවබෝධ වේ.
සාපේක්ෂ හිඟකම:
සම්පත් සීමිතයි ------>>අවශ්‍යතා අසීමිතයි
මේ අනුව ආර්ථික විද්‍යාව යනු, සීමිත සම්පත් මඟින් අසීමිත මිනිස් අවශ්‍යතා සපුරාලීමට යාමේදී එම ආර්ථිකය හැසිරෙන ආකාරය අධ්‍යනය කරන විද්‍යාවකි.
☑️ආර්ථික විද්‍යාවේ උපකල්පන :
ආර්ථික විද්‍යාව ද වෙනත් බොහෝ විද්‍යාවන් මෙන් උපකල්පන මත ගොඩනඟා ඇත. එක් එක් න්‍යායන්ට වෙන්වූ උපකල්පන රාශියක් පවතින අතර, උපකල්පන මඟින් කිසියම් විශේෂ කරුණක් වඩාත් තාත්වික ලෙස විග්‍රහ කළ හැකිවනවා මෙන්ම, එම විග්‍රහය පැහැදිලි කිරීමට ද උපකල්පන හේතුවේ. ආර්ථික විද්‍යාවේ ද එවැනි පොදු උපකල්පන කිහිපයක් දැකගත හැකිවේ.
1. මිනිසා තාර්කික මිනිසෙකු බව :
එනම් මිනිසා තමා සතු සම්පත් තම උපයෝගීතාවය උපරිම වන අයුරින් භාවිතා කරන බවයි. නැතහොත් මිනිසා තම උපයෝගීතාවය උපරිම වන ආකාරයට ක්‍රියාකරන බවයි. එනම් සාමාන්‍ය වෙළඳපොළ තුළ තර්කානුකූලව හැසිරේ.
2. සමතුලිතය:
එනම් ආර්ථික විද්‍යාවේ දී ප්‍රශස්ත අවස්ථාවන් පිළිබඳ පමණක් සලකා බලයි. ප්‍රශස්ත තත්ත්වයක් යනු කිසියම් දෙයක ප්‍රතිඵලය වඩාත් යහපත් වන තත්වයයි.ආර්ථික විද්‍යාවේදී සළකා බලනුයේ එවැනි ප්‍රශස්ත තත්වයක් පිළිබඳ පමණි.
3.අනෙකුත් සාධක ස්ථාවරයි:
ආර්ථික විද්‍යාවේ දී කිසියම් න්‍යායක් විග්‍රහ කිරීමේ දී කිසියම් එක් සාධකයක් සලකා බැලීමේදී අනෙකුත් සාධක ස්ථාවර බව උපකල්පනය කර ඇත. නිදසුනක් වශයෙන් ඉල්ලුම් න්‍යායේදී අදාළ භාණ්ඩයේ මිල හැර අන් සාධක ස්ථාවරව පවතින බවත්, අදාළ භාණ්ඩයේ ඉල්ලුම කෙරෙහි මිල පමණක් බලපාන බවත් උපකල්පනය කර ඇත.
☑️ආර්ථික විද්‍යාවේ වැදගත්කම:
වර්තමානයේ විෂයයන් අතුරින් ආර්ථික විද්‍යාවට විශේෂ ස්ථානයක් හිමිවී ඇති අතර එය ඉතාම වැදගත් අංශවලින් එකක් ලෙස පිළිගනු ලැබේ.
සෑම උගත් පුද්ගලයෙකුම ආර්ථික විද්‍යාව පිළිබඳව සුළුවෙන් හෝ ඉගෙනීමට උත්සාහ ගැනීම තුළින් එහි වැදගත්කම පැහැදිලි වේ. එසේම ආර්ථික විද්‍යාව හදාරණ පිරිස ද පුළුල් ලෙස වසරින් වසර වැඩිවෙමින් පැවතීමෙන් ගම්‍ය වනුයේ මෙම විෂයේ පවත්නා වැදගත්කමයි. ආර්ථික විද්‍යාව න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ද වැදගත්කමකින් යුක්ත වේ.
☑️න්‍යායාත්මක වැදගත්කම :
1. තොරතුරු රැස් කිරීම :
මිනිසා ආර්ථික ක්‍රියාවන්හි යෙදීමේදී ඔහුගේ හැසිරීම පිළිබඳව බොහෝ සිත් ගන්නා සහ උපදේශාත්මක කරුණු ආර්ථික විද්‍යාව මඟින් අපට ඉගැන්වේ. ආර්ථික කරුණු මඟින් ඔහුගේ මනසේ අභ්‍යන්තර කරුණු හෙළිදරව් කරයි.
විවිධ අරමුණු හා සම්බන්ධ ආර්ථික කරුණු වලදී මිනිසා මෙහෙයවන ආකාරය අපට තේරුම් ගැනීමට ඉන් ඉඩකඩ ලැබේ. එබැවින් ආර්ථික විද්‍යාව ආකර්ෂණීය හා ඵලදායි විෂයයක් වේ.
2. මානසික පුහුණුව :
ආර්ථික විද්‍යාව තුළින් පැහැදිලිව සිතීමටත් නිවැරදිව තීරණ ගැනීමටත් ප්‍රයෝජනවත් මානසික පුහුණුවක් ලබාදේ. ආර්ථික විද්‍යාව හදාරණ සුපරීක්ෂාකාරී ශිෂ්‍යයකුට ආර්ථිකය තුළ සිදුවන ක්‍රියාවලිය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලිව හදුනා ගැනීමේ ශක්තියක් පවතී.
එහෙයින් ආර්ථික විද්‍යාව හැදෑරීම තුළින් ආර්ථික චින්තනයක් සහිත තාර්කික පුද්ගලයෙකු බිහිවේ.
4. අර්ථ ක්‍රමයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධ කරගැනීම:
ආර්ථික විද්‍යාව අධ්‍යනය වර්තමාන සංකීර්ණ ආර්ථික පද්ධතිය මධ්‍ය පාලනයක් නොමැතිව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල් වේ.
ආර්ථිකයේ ඇතිවන සෑම බාධාවක්ම ඒ මඟින් ඉබේම ඉවත් වේ. උදාහරණයක් ලෙස යම් යම් භාණ්ඩ හිඟනම් එහි මිල ඉහළ යයි. එමඟින් අනවශ්‍ය ඉල්ලුම අඩුවීමෙන් ඉල්ලුම, සැපයුම මට්ටමට පහත වැටේ.
5.අන්‍යෝන්‍ය රැඳියාව අවබෝධ කරගැනීමට මඟ පෑදීම :
අවශ්‍යතා ඉටුකර ගැනීමට සමාජයේ පුද්ගලයින්,වෙනත් පුද්ගලයන් මත රඳා පවතිනුයේ කෙසේද? එසේම වෙනත් පුද්ගලයන් අප මත රඳාපවතිනුයේ කෙසේද යන්න මේ මඟින් අවබෝධ වේ.
ශ්‍රමිකයා තවත් ශ්‍රමිකයෙකුට බැඳී සිටිනුයේ කෙසේද හා කර්මාන්තය තවත් කර්මාන්තයකට, රටක් තවත් රටකට ආදී වශයෙන් සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලිව දැක්වේ.
6. ප්‍රයෝජනවත් පුරවැසියෙකු වීමට මඟ
පෑදීම:
ආර්ථික විද්‍යාව අධ්‍යනය මඟින් රටට ප්‍රයෝජනවත් හා ඥානාන්විත පුරවැසියන් බිහිවේ.
සමාජයේ කෘෂිකර්මාන්තය, වෙළඳාම, ගමනාගමනය ආදිය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී හා හැඩගැසීමේදී පහසුවෙන් බදු මුදල් විනිමය කටයුතු වැනි කාරණා පිළිබඳව තේරුම් ගත හැක.
මේ නිසා ආර්ථික විද්‍යාව දක්ෂ, බුද්ධිමත් හා ප්‍රයෝජනවත් පුරවැසියෙකු බිහි කිරීමට හේතුවන බව පැහැදිලිය. කිසියම් පුද්ගලයෙකුගේ කටයුතු කාර්යක්ෂමවත්, බුද්ධිමත්වත් ඉටු කිරීමට ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම වැදගත් වේ.
7.යැපුම් නිෂ්පාදන කටයුතු සිදුකිරීම:
එනම් කිසියම් කුටුම්භයක් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම කුටුම්භයේ සාමාජිකයන් විසින්ම භාණ්ඩ හා සේවා නිපදවීමකි.
එනම් මෙහිදී අවශ්‍යතා සපුරාගැනීම උදෙසා වෙළඳපොළ හරහා ගණුදෙනුවක් සිදුනොවේ. එනම් යැපුම් කටයුතු මඟින් හුවමාරුවක් සිදුනොවේ. උදා. ගෘහනියන්ගේ සේවා (ඉහුම් පිහුම්, රෙදි සේදීම, දරුවන් රැකබලා ගැනීම, සුද්ද පවිත්‍ර කිරීම්)
8.බදු ගෙවීම :
ඇතැම් කුටුම්භයන්ගේ ආදායම බද්දට යටත්වන මට්ටමේ පවතී නම් ඔවුන් රජයට සෘජු බදු ගෙවිය යුතුය. එසේ නොමැති නම් ඔවුන් ගෙවනුයේ වක්‍ර බදු (භාණ්ඩ හා සේවා මත බදු) පමණි. නමුත් ඇතැම් කුටුම්භ සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ගෙවයි.
☑️ප්‍රායෝගික වැදගත්කම :
ආර්ථික විද්‍යාව මිනිස් ජීවිතයට ඉතා සමීප බැවින් එහි ප්‍රායෝගික වැදගත්කමක්ද පවතී.
1. වෘත්තීමය අගය:
විවිධ වෘත්තීන් සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාව හැදෑරීම වැදගත් වේ. එය බැංකු, රක්ෂණ, සන්නිවේදන එසේම ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නිරතවන්නන් ආදී ක්ෂේත්‍ර ගණනාවකටම වැදගත් වේ.
2. ගෘහස්ථයින්ට වැදගත් වීම :
කිසියම් කුටුම්භයක සාමාජිකයන් ආර්ථික විද්‍යාව හදාරා ඇත්නම් කුටුම්භයකට තම වියදම් මනා ලෙස සකස්කර ගැනීමට හැකිවේ. ආර්ථික පදනමින් පවුල් වියදම පාලනය කරගත හැකිවේ.
3.වෘත්තීය සමිති සඳහා වැදගත්වීම:
ආර්ථික විද්‍යාව පිළිබඳ හොඳ අවබෝධයක් පවතී නම් වෘත්තීය සමිති නායකයන්ට වඩා කාර්යක්ෂම ලෙස ශ්‍රම අයිතීන් පිළිබඳ හඬ නැඟිය හැකි වනු ඇත.
4. දුප්පත්කම පිළිබඳ ගැටළු විසඳාගැනීමට :
අවසාන වශයෙන් ආර්ථික විද්‍යාව දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීමට උපයෝගී කරගත හැකිය. රටක ආදායම ඉහල නංවන්නේ කෙසේද ? ආදායම් විෂමතාවය ඉවත් කරන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විසඳීමට ආර්ථික විද්‍යාව මූලික වේ.
☑️කලාවක් වශයෙන් ආර්ථික විද්‍යාව :
ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ට අනුව, ආර්ථික විද්‍යාව විද්‍යාවක් වශයෙන් පමණක් ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බව අදහස් වෙයි.
ආර්ථික විද්‍යාව මඟින් අධ්‍යනය කරනුයේ මිනිස් හැඟීම්, රුචි අරුචිකම් ආදිය පිළිබඳවයි. මේ නිසා අනෙකුත් විද්‍යාවන් මෙන් නිවැරදි දත්ත ලබාගැනීමක් කල නොහැකි වේ.
මිනිසාගේ ක්‍රියාකාරකම් රුචි අරුචිකම් තීරණය වන්නේ ඔවුන් ජීවත් වන සමාජයේ පවත්නා නීතිරීති, ආයතනික ව්‍යුහයන් ආදිය මතයි.
පුද්ගල හැසිරීම් හා රුචි අරුචිකම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් ඒ පිළිබඳ පොදු අධ්‍යනයක් සිදුකොට වඩා නිවැරැදි දත්ත ලබාගැනීමට බාධා ඇතිවේ.
මේ නිසා ලබාගන්නා පුරෝකථන වඩා නිවැරදි නොවේ. එක් මොහෙතෙකදී ලබාගන්නා නිගමනයන් ඊට සුළු මොහොතකින් වෙනස් විය හැක. නිදසුනක් ලෙස වැසි කාලයේදී තැඹිලි වලට ඇති ඉල්ලුම අඩුවුවත් වෛද්‍ය උපදෙස් මත දිනපතා තැඹිලි පානය කරන්නෙකුගේ ඉල්ලුම අඩු නොවනු ඇත.
නමුත් ආර්ථික විද්‍යාව විද්‍යාවක් නොවේ යනුවෙන් ප්‍රකාශ කළ නොහැකි වනවා සේම එය කලාවක් නොවේ යනුවෙන් ප්‍රකාශ කළ නොහැක. ආර්ථික විද්‍යාව තුළ මෙම ලක්ෂණ දෙකම අඩංගුවන අතර එය විද්‍යාවක් මෙන්ම කලාවක්ද වේ.
☑️ආර්ථික විද්‍යාව අනෙකුත් ස්වාභාවික
විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය :
ආර්ථික විද්‍යා නියමයන් සර්ව සාධාරණ නොවන අතර ඒවා කලින් කලට වෙනස් වේ. භූගෝලීය ආර්ථික දේශපාලනික මෙන්ම සංස්කෘතික විෂමතා අනුව ආර්ථික නියමයන් වෙනස් විය හැක.
මනුෂ්‍ය සිරිත් විරිත්, හුරුපුරුදු හා රුචි අරුචිකම් මත ආර්ථික නියමයන්ගේ වලංගුතාවය තීරණය වේ. මේ නිසා ආර්ථික නියමයන් ඉතා නිවැරදි නොවේ. ඒවා නොයෙකුත් උපකල්පන මත පමණක් නිවැරැදි වේ. එසේම රසායනාගාර පර්යේෂණ මඟින් ඔප්පු කළ නොහැක. ආර්ථික නියමයන් ආශ්‍රයෙන් අනාගතය පිලිබඳ සියයට සීයක් නිවැරැදි තීරණ ලබාගත නොහැක.
-ලබන සතියේ හමුවෙමු-

No comments:
Post a Comment