Saturday, November 2, 2019

කාලීන ආර්ථික තොරතුරු   -  02.

පලාත් දළ දේශීය නිෂ්පාදිතය - 2018

☑️ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන  දෙපාර්තමේන්තුව විසින් 2018 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති පලාත් දළ දේශීය
නිෂ්පාදිත අගයන්ට අනුව (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වය);

😍බස්නාහිර පළාත රටේ ආර්ථිකයට අඛණ්ඩ ව ඉහළ ම දායකත්වය ලබා දෙන පලාත බව(38.5%).

😀දෙවන -මධ්‍යම  පලාත ( 11.8%).
🙂තෙවන-  වයඹ පළාත(11%).

ඉහළ ම දායකත්ව  ලබා දෙන බවද පෙනී යයි.

-----------------------------------------------------------------
☑️මීට අමතර ව, පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ වර්ධනයක් වාර්තා වී ඇත්තේ උතුරු මැද පලාතෙන් පමණි. (👆)

☑️2018 වර්ෂයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වල දායකත්වයේ අඩු වීමක් පෙන්නුම් කර ඇත.(👇)

☑️වයඹ, දකුණු, නැගෙනහිර සහ උතුරු යන පලාත්වල දායකත්වයේ කිසිදු වෙනස් වීමක් වාර්තා නොවිණි(👌)
------------------------------------------------------------------

පළාත් ආර්ථික කටයුතු.-2018

පළාත් ආර්ථික කටයුතු සඳහා එක් එක් අංශයන්ගේ දායකත්වය...

☑️සේවා අංශය -

සෑම පළාතකම ප්‍රමුඛතම අංශය බවට පත්ව ඇත. සෑම පළාතකම   සේවා අංශයේ සාමාන්‍ය අගය 50% කට වැඩි දායකත්වයක් ලබා  දී ඇත.

🔹උතුරු මැද පළාත.  63.4% (වැඩිම අගය)
🔹ඌව පළාත.             50.9 % (අඩුම අගය)

(ප්‍රවාහන කටයුතු , තොග  සහ සිල්ලර වෙළඳාම සහ වෙනත් පෞේගලික සේවා කටයුතු  වල  වර්ධනය මීට හේතු වී ඇත.)

☑️කර්මාන්තත අංශය  -

🔹උතුරු මැද පළාත.  16.2 % (අඩුම අගය)
🔹බස්නාහිර පළාත   32.8% (වැඩිම අගය)

(ඉදිකිරීම් කර්මාන්තය  සහ එම සේවාවන්; ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාෙන රෙදිපිළි, නිමි ඇඳුම්, සම් හා සම් භාණ්ඩ නිෂ්පාෙන කටයුතු පතල් හා කැණීම්  කර්මාන්තත කටයුතු  වල  වර්ධනය මීට හේතු වී ඇත)

☑️කෘෂි කර්මාන්තත අංශය-

🔹නැගෙනහිර  පළාත.  16.5 % (වැඩිම අගය)
🔹බස්නාහිර පළාත   2% (අඩුම අගය)

වී වගාව, කරදිය ධීවර කර්මාන්තතය සහ කරදිය ජලජීවී වගාව, කිරි, බිත්තර, මස් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන කටයුතු  වල  වර්ධනය මීට හේතු වී ඇත).




--මූලාශ්‍රය:ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව-2018--

No comments:

Post a Comment