Monday, August 10, 2009

මූලික ආර්ථික සංකල්ප

විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රුස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.
ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිබොගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.
ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.

No comments:

Post a Comment