උසස් පෙළ අර්ථික විද්යාව
පළමු පාඩම: අර්ථික විද්යාව හැදින්වීම-
හතර වන කොටස (2019/12/19)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පළමු පාඩම: අර්ථික විද්යාව හැදින්වීම-
හතර වන කොටස (2019/12/19)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁ආර්ථික ප්රශ්න හඳුනා ගැනීම🍁
🌱 මිනිස් අවශ්යතා :
මිනිස් අවශ්යතා යනු ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන් විසින් අනිවාර්යයයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන්ය. නැතහොත් මිනිස් අවශ්යතා යනු මිනිසා විසින් අනාගතයේදී සපුරා ගැනීමට අපේක්ෂා කරන මිනිස් සිත් තුල ඇතිවන ආශාවන්ය.
උදා:- ආහාර, ඇඳුම්, වාසස්ථාන, ආරක්ෂාව
මිනිස් අවශ්යතාවයන් පොදියක් ලෙස සැළකිය හැකිය. මක්නිසාද යත් මිනිසාගේ විවිධ වූ අවශ්යතා පවතින අතර එක් අවශ්යතාවයක් ඉටුකරගත් පසු තවත් අවශ්යතාවයක් ඇති වේ. දෙමව්පියන්ට නොතිබූ අවශ්යතා දරුවන්ට ඇති වේ. එම අවශ්යතා වලින් සමහරක් ජීව විද්යාත්මක අවශ්යතා වන අතර තවත් සමහරක් ස්වාභාවික අවශ්යතා වේ. බොහෝ විට මිනිස් අවශ්යතා ලෙස ජීවත් වීමට ආහාරත් ශරීර ආවරණය කරගැනීමට වස්ත්රත්, දේශගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවාසත් සලකයි. ජීවත් වීමට නම් එම මූලික අවශ්යතා තුනවත් අනිවාර්යයෙන්ම සපුරාගත යුතුයි.
මිනිස් සමාජයක් ක්රමයෙන් දියුණුවන විට මිනිසා තම මූලික අවශ්යතා මත පමණක් සෑහීමකට පත් නොවේ. මූලික අවශ්යතාවලට අමතරව ජීවිතයේ සුවපහසුව සතුට ලබාගැනීම සඳහා මිනිසා ක්රියා කරයි. මිනිසා ශිෂ්ටාචාර වීමේ ප්රතිඵලයක් ලෙස වඩා හොඳ ආහාර පාන, වඩා හොඳ ඇඳුම් පැළඳුම්, සුව පහසු වාසස්ථාන ආදියට මිනිසා ඉල්ලුම් කරයි. සියලුම මිනිසුන්ගේ අවශ්යතා එක සමාන නොවේ. එක් එක් පුද්ගලයාගේ අවශ්යතා තීරණය වනුයේ ඒ ඒ පුද්ගලයා ජීවත්වන සමාජ ආර්ථික තත්වයන්ට සාපේක්ෂවයි. ඒ ඒ පුද්ගලයා අධ්යාපනය රුචිකත්වය ආදියද අවශ්යතා තීරණය වීම කෙරෙහි බලපායි. නූතන මිනිසා නිමක් නැති සහ නිරන්තරයෙන් වර්ධනය වන අවශ්යතා වලින් හෙබි දිගුකාලීන ක්රියාවලියක ප්රතිඵලයකි.
🌱 මිනිස් අවශ්යතාවයන්ගේ මූලික
ස්වරූපය(ලක්ෂණ)
ස්වරූපය(ලක්ෂණ)
මිනිස් අවශ්යතාවයන් පිළිබඳ සුපරික්ෂාකාරීව අධ්යනය කිරිමේදී ඒවායේ මූලිකව පෙනෙන ලක්ෂණ කිහිපයක් ඇතිබව පෙනී යයි. ඒ අතරින් ඉතා වැදගත් ලක්ෂණ පහත පරිදි දැක්විය හැක.
☑️මිනිස් අවශ්යතා අසීමිත වේ.
මිනිස් අවශ්යතාවයන්ගේ මූලික ලක්ෂණය වනුයේ අවශ්යතා නිරන්තරයෙන්ම වර්ධනය වීමයි. එක් අවශ්යතාවයක් ඉටුවන විට තවත් අවශ්යතාවයක් ඇති වේ. දෙමව්පියන්ට නොතිබූ අවශ්යතා දරුවන්ට ඇති වේ. එක් අවශ්යතාවයක් ඉටුවූ විට එම තැන ගැනීමට වෙනත් අවශ්යතාවයක් ඇති වේ. අවශ්යතා චක්රයක් ලෙස සැළකිය හැකිය. මක්නිසාද යත් එම අවශ්යතාවල ආරම්භයක් හෝ අවසානයක් දැකිය හැකි නොවේ. මිනිස් සිත සකස් වී ඇත්තේ කිසිදිනෙක සෑහීමකට පත්වන ආකාරයට නොවේ. ඔහු තව තවත් භාණ්ඩ හා සේවා වලට ලොල් වේ. ජීවිතය අවසන් වන තුරුම වුවමනාවන් පසුපස හඹායන මිනිසා ඉන් කිසි දිනෙක තෘප්තිමත් නොවේ.
☑️යම්කිසි නිශ්චිත අවශ්යතාවයකින් මිනිසා තෘප්තිමත් වේ.
අවශ්යතා සමස්ථයක් ලෙස ගත්කල සීමා රහිත වුවත්, යම් නිශ්චිත අවශ්යතාවයක් ගත්කළ මිනිසා ඉන් තෘප්තිමත් වේ. උදාහරණයක් වශයෙන් මිනිසෙකුට මෝටර් රථයක් අවශ්ය නම් එය සපුරා ගත් පසු ඔහු එයින් තෘප්තිමත් වේ. මිනිසෙකුට කුසගිනි නම් ආහාර ගැනීමෙන් පසු තෘප්තිමත් වේ. මේ ආකාරයට කිසියම් නිශ්චිත එක් අවශ්යතාවයක් ගත් පසු එය ඉටුකර ගැනීමෙන් මිනිසා තෘප්තිමත් වීමක් දැකිය හැක.
☑️අවශ්යතා අනුපූරක වීම.
එක් භාන්ඩයක් පමණක් වෙන් වශයෙන් ගත්කළ එය තනිව පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් වීමක් දැකිය හැක්කේ බොහෝ කලාතුරකිනි. සාමාන්යයෙන් එක් භාණ්ඩයකට අවශ්යතාවයක් ඇතිවූ විට ඒ සමඟම තවත් භාණ්ඩයක අවශ්යතාවයක් ඇතිවේ. උදාහරණයක් වශයෙන් දිවා ආහාරය සඳහා බත් ඛෑමට අවශ්ය වේ නම් ඒ සඳහා ව්යංජනද අවශ්ය වේ. ලිපියක් ලිවීමට අවශ්ය නම් ඒ සමඟ තීන්ත, කඩදාසි, පෑනක් ආදිය මිලදී ගැනීමට සිදුවේ. පෑනක් පමණක් ප්රයෝජනවත් නොවේ. යම් යම් දෑ අපහට අවශ්ය වන්නේ සමූහ වශයෙන් බව මෙහිදී අදහස් කරයි. එම සමූහයෙන් තනි භාණ්ඩයක් වෙන්කර ගත් විට එම භාණ්ඩයෙන් පමණක් අවශ්යතාවය ඉටු නොවේ. ඉඳිකටුවක් මිලදී ගත් විට නූල්ද අවශ්ය වේ. සපත්තු පැළඳීමට මේස් අවශ්ය කරයි.
☑️අවශ්යතා තරඟකාරී වීම
අපට අවශ්යතා සපුරා ගැනීමට ඇති ගැනීමට මුදල් ප්රමාණය සීමිත වේ. එබැවින් අප එක් භාණ්ඩයක් තේරීමේදී වෙනත් භාන්ඩයක් සමඟ තරඟකිරීමක් සිදුවේ. එනම් මිලදී ගන්නේ කුමන භාණ්ඩයද, සපුරා ගන්නේ කුමන අවශ්යතාවයද, ප්රතික්ෂේප කරනුයේ කුමන වුවමනාවක්ද යන්න තීරණය කිරීමට සිදුවේ. මින් පැහැදිලි වන්නේ අපට මිලදී ගත හැකි විවිධ දෑ අතර, තරඟයක් පවතින බවයි.
☑️ඇතැම් අවශ්යතා අනුපූරක වනවා මෙන්ම තරඟකාරීද වේ.
මෙයින් අදහස් කරනුයේ කිසියම් භාණ්ඩ වර්ග දෙකකින් එකක් තෝරා ගැනීමේදී අනෙක් භාණ්ඩය කැප කිරීමට සිදුවන බව මෙන්ම කිසියම් සීමාවකින් පසුව අදාළ භාණ්ඩ දෙකම අවශ්යතා සපුරාගැනීමට අවශ්යවන බවයි. උදා :- මිනිස් ශ්රමය හෝ යන්ත්ර යොදාගෙන කිසියම් නිෂ්පාදකයෙකුට භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වේ. කිසියම් සීමාවක් දක්වා යන්ත්ර වෙනුවට ශ්රමය ආදේශ කළ හැක. එවැනි තත්වයකදී යන්ත්ර සහ ශ්රමය අතර තෝරා ගැනීමේදී තරඟකාරීත්වයක් පවතී. නමුත් කිසියම් සීමාවකින් පසු යන්ත්ර පමණක් හෝ ශ්රමය පමණක් භාවිතයෙන් නිෂ්පාදනයක් සිදුකළ නොහැකි වේ. එවිට එම සාධක් දෙකම අවශ්ය වේ. එනම් එම අවශ්ය සාධක දෙක සම්බන්ධයෙන් අනුපූරක අවශ්යතාවයක් ඇතිවේ.
☑️අවශ්යතා තෝරා ගත් හැකිය
මින් අදහස් වනුයේ කිසියම් අවශ්යතාවයක් ගත් කල එය තෘප්තිමත් කිරීමට පරාභෝජනය කළ හැකි භාණ්ඩ වර්ග කිහිපයක් පවතින බවකි. නිදසුනක් වශයෙන් ශිත කාලයේ දී පිපාසය දැනෙන විට තේ, කෝපි හෝ උණු කිරි භාවිතා කළ හැකි වේ. උණුසුම් කාලයේ දී පිපාසය දැනෙන විට ශීත කළ බීම වරිගයක් හෝ ශීත කල ජලය හෝ පරිභෝජනය කළ හැකි වේ. එනම් එක් එක් කාල වකවානු වලදී අවශ්යතා සපුරා ගැනීමට පවත්නා භාණ්ඩ වර්ග කිහිපයක් අතුරින් කිසියම් භාණ්ඩයක් තෝරා ගත් හැකි බවයි. නමුත් අවසාන තේරීම රඳා පවතිනුයේ පුදුගලයා සතු ආදායම සහ විවිධ භාණ්ඩවල සාපේක්ෂ මිල ගණන් මතයි.
☑️අවශ්යතා කාලය, ස්ථානය හා පුද්ගලයා අනුව වෙනස් වේ.
අවශ්යතා සෑම පුද්ගලයෙකුටම එක සමාන නොවේ. විවිධ පුද්ගලයන්ට විවිධ අවශ්යතා පවතින අතර එකම පුද්ගලයාට ද විවිධ කාල වලදී විවිධ අවශ්යතා පවතී. එසේම විවිධ ස්ථානවලදී ද විවිධ අවශ්යතා පවතී.
☑️අවශ්යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් පවතින ඉක්මන් භාවය එකිනෙක අවශ්යතා සම්බන්ධයෙන් එකිනෙකට වෙනස්ය.
සියලු අවශ්යතා ඒකාකාරයෙන්ම ඉක්මන් නොවේ. අවශ්යතාවයේ තරමද එකිනෙකට වෙනස් වේ. ඇතැම් උවමනා ඉක්මන් සහ බලවත් ඒවයි. සාමාන්යයෙන් එවැනි බලවත් සහ හදිසි උවමනා ඉක්මනින් සපයා ගත යුතු අතර අනෙක් ඒවා සපුරා ගැනීම කල් දැමිය හැක.
☑️ශිෂ්ටාචාර වීමත් සමඟ අවශ්යතා වැඩිවීම.
මිනිසුන් තුළ ශිෂ්ටාචාරය වැඩිවත්ම ඔවුන්ගේ වුවමනාද වැඩි වේ. ග්රාමීය ප්රදේශවලට සාපේක්ෂව නාගරික ජනතාවගේ අවශ්යතා වුවමනා වැඩිවන්නේ ඒ නිසාය. ශිෂ්ටාචාරය වැඩිදියුණු වත්ම සිනමාව, රූපවාහිනිය, ගුවන් විදුලිය, පරිගණක වැනි අනෙකුත් නවීන අවශ්යතා සඳහා පවතින ඉල්ලුම වැඩි වේ. ඇමරිකාවේ ජනතාවට සාපේක්ෂව ලංකාවේ ජනතාවගේ උවමනා අඩුවන්නේ ඒ නිසාය.
☑️අවශ්යතා නැවත ඇතිවීම
මිනිස් අවශ්යතා බොහෙමෙයක් නැවත ඇතිවන ආකාරයේ ඒවාය. බොහෝවිට ආහාර සඳහා පවතිනුයේ මෙවැනි තත්වයකි. දෛනිකව මෙන්ම මාසිකවද මෙවැනි අවශ්යතා ඇතිවන අතර ඒවා තෘප්තිමත් කරගත යුතු වේ.
☑️අවශ්යතා පුරුදු බවට පත් වේ.
කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් උවමනාවක් නොනවත්වාම තෘප්තිමත් කරන්නේ නම් එය පුරුද්දක් බවට පත්වේ. එවිට ඔහු නිශ්චිත භාණ්ඩ ප්රමාණයක් දිනපතා හෝ සතිපතා හෝ මාස්පතා පරිභෝජනය කරයි.
උදා:- මත්පැන් හෝ දුම්වැටි පරිභෝජනය
උදා:- මත්පැන් හෝ දුම්වැටි පරිභෝජනය
☑️අලෙවි උපක්රම/ ප්රචාරණය/ ආදායම, උවමනා කෙරෙහි බලපායි.
අප නිතරම මිලදී ගන්නේ අපට අවශ්ය දේ නොවේ. වඩා හොඳ විකල්ප තිබුණද තියුනු ප්රචාරණය, විශේෂ වෙළඳ ලකුණු ආදිය මගින් අපව අපගේ මූලික මිලදී ගැනීමේ අරමුණින් ඈත් කරනු ලබයි.
☑️සිරිත් විරිත් හා සම්මතයන් මඟින් වුවමනා පාලනය කිරීම.
කිසියම් ප්රදේශයක වාසය කරන පුද්ගලයන් සියලුම දෙනා සිරිත් විරිත් වලින් පාලනය වේ. උවමනාවන් බොහොමයක් සිරිත් විරිත් වලට යටත්ව සපුරා ගැනීමක් දැකිය හැකි වේ. එසේම ඇතැම් වුවමනාවන් සපුරා ගැනීමට සිදුව ඇත්තේ සම්මතයන්ට යටත්වයි. ඒවා ඉටුකර ගැනීමට බල කරනුයේ සමාජ සම්මතය මඟිනි. මිනිසුන් උත්ස්ව වෙනුවෙන් විශාල මුදල් වියදම් කරන්නේ ඒ නිසාය.
☑️වර්තමාන උවමනා අනාගත වුවමනා වලට වඩා වැදගත් වීම.
බොහෝ විට මිනිසා මුලින්ම සපුරා ගනු ලබනුයේ වර්තමාන උවමනා යි. අනෙක් වුවමනා පිළීබඳ එතරම් සැලකිල්ලක් නොකර වර්තමාන පරීභෝජන අවශ්යතා සපුරා ගැනීමට කටයුතු කරයි. අතීතය පිලබඳව අවිනිශ්චිත මෙන්ම පුරෝකථනය කල නොහැකි තත්වයක් පවතී. එබැව්න් මිනිසා විසින් ඉතා ඉක්මනින් සපුරා ගතයුතු වර්තමාන අවශ්යතා සපුරාගැනීමට කටයුතු කරයි.
🌱 ️ආර්ථික විද්යාවේදී සලකා බැලෙන සහ
සලකා නොබැලෙන අවශ්යතා :
සලකා නොබැලෙන අවශ්යතා :
ආර්ථික විද්යාවේදී සලකා බලනුයේ භාණ්ඩ හා සේවා නිශ්පාදනය මඟින් සපුරාලිය හැකි අවශ්යතා පමණි. නැතහොත් භාණ්ඩ හා සේවා සම්පාදනයේ සපුරාලිය හැකි අවශ්යතා පමණි.
උදා :- මිනිසාගේ ආහාර, නිවාස, ඇඳුම්, සුව සේවා වැනි අවශ්යතා
උදා :- මිනිසාගේ ආහාර, නිවාස, ඇඳුම්, සුව සේවා වැනි අවශ්යතා
ආර්ථික විද්යාවේදී සලකා නොබලන්නේ භාණ්ඩ හා සේවා සම්පාදනය මඟින් සපුරාලිය නොහැකි අවශ්යතාවයන්ය. එනම් ඇතැම් අධ්යාත්මික හා සමාජීය අවශ්යතාවයන්ය.
උදා:- ආදරය, දයාව , බලය, වැනි කරුනු සම්බන්ධයෙන් ආර්ථික විද්යාවේ දී සලකා බලනු නොලැබේ.
උදා:- ආදරය, දයාව , බලය, වැනි කරුනු සම්බන්ධයෙන් ආර්ථික විද්යාවේ දී සලකා බලනු නොලැබේ.
🍁අවශ්යතා සපුරාගැනීම හා ජීවන තත්වය🍁
ජීවන තත්වය පිලිබඳ ව සළකා බලනුයේ කිසියම් රටක ජනතාවට පරිභෝජනය කිරීමට ලැබෙන භාන්ඩ හා සේවා වන්ගේ ප්රමාණාත්මක , ගුණාත්මක බව අනුවයි. එනම් ජීවන තත්වය තීරණය වනුයේ මිනිස් අවශ්යතා සපුරා ගන්නා මට්ටම අනුවයි. ඇමරිකාව, ස්විස්ටර්ලන්තය වැනි රටවල්වල පුද්ගලයින් ලබන ඒක පුද්ගල ආදායම ඉහළ අගයක් ගනී. එබැවින් එවැනි රටක පුද්ගලයෙකුට වැඩි ගුණත්වයකින් යුතු භාන්ඩ හා සේවා ප්රමාණයක් පරිභෝජනය කිරීමට හැකි වේ. එබැවින් එවැනි රටක ජනතාවගේ ජීවන තත්වය උසස් වේ. මේ අනුව පැහැදිලි වනුයේ ජීවන තත්වය තීරණය වනුයේ පරිබෝජනය මත බවයි.
🌱 පරිභෝජනය යනු,
පරිභෝජනය යනුවෙන් සරලව අප අදහස් කරනුයේ භාණ්ඩ හා සේවා යොදාගැනීමෙන් අපගේ වුවමනා සපුරා ගැනීමයි. භාන්ඩයක් පරිභෝජනය කිරීමෙන් තෘප්තියක් නැතහොත් උපයෝගීතාවයක් ලැබේ. ඒ අනුව පරිබෝජනය කරනවා යනු උපයෝගිතාවයක් භුක්ති විඳීමකි. කුසගින්නට ආහාර ගැනීමේදී සිදුවනුයේ ආහාර පරිභෝජනයකි. රෝගීවූ විට ප්රතිකාර ගැනීම යනු වෛද්ය සේවය පරිභෝජනය කිරීමකි. මේ අනුව අපගේ උවමනාවන් තෘප්තිමත් කරගැනීමට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් පරිහරනය කිරීම පරිභෝජනය වේ. මේ අනුව පරිභෝජනය යනු උවමනා තෘප්තිමත් කිරීම හා සම්බන්ධ කාර්යයක් වේ. ඕනෑම භාණ්ඩයක් ගත්විට එහි පරිභෝජනය ක්රමයෙන් වැඩිකිරීමේදී ඉන් ලැබෙන උපයෝගීතාවය /ආන්තික උපයෝගීතාවය ක්රමයෙන් අඩුවේ. එනම් කිසියම් උපරිමයකින් අදාළ භාණ්ඩය පරිබෝජනය කිරීමේදී උපයෝගීතාවය ශූන්ය විය හැක. එබැවින් පරිභෝජනය යනු උපයෝගීතාවය විනාශ කිරිමක් ලෙසද හැඳින්විය හැක.
මෙය තවත් ආකාරයකින් පැහැදිලි කළ හැක. නිදසුනක් වශයෙන් කිසියම් පුද්ගලයෙකු අඹ ගෙඩියක් අනුභව කරන්නේ නම් ප්රථමයෙන්ම සිදුවනුයේ එම අඹ ගෙඩියේ ස්වරූපය වෙනස් කිරීමකි. ප්රථමයෙන්ම අඹ ගෙඩිය මිනිස් උවමනාවන් තෘප්තිමත් කළ අතර ඉන් පසු එහි අවශ්යතා තෘප්තිමත් කිරීමේ හැකියාව පලාගොස් ඇත. තවත් ආකාරයකින් කියන්නේ නම් අඹ ගෙඩිය අනුභව කිරීමෙන් පසු එහි උපයෝගීතාවය විනාශ කර ඇත.
පරිභෝජනයේදී උපයෝගීතාවය විනාශ වීම ඉතා ඉක්මනින් මෙන්ම ඉතා සෙමින් ද සිදුවිය හැක. ආහාර පරිභෝජනයේදී බොහෝවිට සිදුවනුයේ ක්ෂණිකව උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් වාහන පරිභෝජනය, ගෘහ භාණ්ඩ පරිභෝජනය ආදියේ සිදුවනුයේ ඉතාමත් සෙමින් උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් උපයෝගීතාවය විනාශ වීම පමණක්ම පරිභෝජනය ලෙස සැළකිය හැකි නොවේ. මක් නිසාද යත් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය නොකර විනාශ වීමකදී පවා උපයෝගීතාවය විනාශ වීමක් වන හෙයිනි. මෝටර් රථයක් හෝ නිවසක් ගින්නකින් විනාශවීමේදී සිදුවනුයේද පරිබෝජනය විනාශ වීමකි. එහිදී අවශ්යතා තෘප්තිමත් කිරීමක් සිදුනොකරයි. එබැවින් උවමනා තෘපතිමත් වීමත් සමඟ උපයෝගීතාවය විනාශ වීම පරිභෝජනය ලෙස දැක්විය හැක. එබැවින් උවමනා තෘප්තිමත් වී නැත්නම් එය පරිභෝජනය නොවේ.
පරිභෝජනයේදී උපයෝගීතාවය විනාශ වීම ඉතා ඉක්මනින් මෙන්ම ඉතා සෙමින් ද සිදුවිය හැක. ආහාර පරිභෝජනයේදී බොහෝවිට සිදුවනුයේ ක්ෂණිකව උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් වාහන පරිභෝජනය, ගෘහ භාණ්ඩ පරිභෝජනය ආදියේ සිදුවනුයේ ඉතාමත් සෙමින් උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් උපයෝගීතාවය විනාශ වීම පමණක්ම පරිභෝජනය ලෙස සැළකිය හැකි නොවේ. මක් නිසාද යත් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය නොකර විනාශ වීමකදී පවා උපයෝගීතාවය විනාශ වීමක් වන හෙයිනි. මෝටර් රථයක් හෝ නිවසක් ගින්නකින් විනාශවීමේදී සිදුවනුයේද පරිබෝජනය විනාශ වීමකි. එහිදී අවශ්යතා තෘප්තිමත් කිරීමක් සිදුනොකරයි. එබැවින් උවමනා තෘපතිමත් වීමත් සමඟ උපයෝගීතාවය විනාශ වීම පරිභෝජනය ලෙස දැක්විය හැක. එබැවින් උවමනා තෘප්තිමත් වී නැත්නම් එය පරිභෝජනය නොවේ.
පරිභෝජනය යන්නෙන් ප්රායෝගික ව්යවහාරයේදී අදහස් කරනුයේ මුදල් වියදම් කිරීමකි. අප පරිබෝජනය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ආදිය සඳහා ගෙවීමක් කල යුතුයි. ඒ සඳහා මුදල් වියදම් කළ යුතුයි. ඒ අනුව පරිභෝජනය යන්න මිනිසා සතු ධනය පරිභෝජනයට ගන්නා අවස්ථාවන් හා සම්බන්ධ වන ක්රියාවක් බව පැහැදිලි වේ.
🌱 පරිබෝජනයේ විවිධ ආකාර
කිසියම් භාණ්ඩයක් විසින් මිනිස් අවශ්යතා ඉතා ඉක්මනින් ඉටුකරයි නම් එය ඍජු පරිභෝජනය ලෙස හඳුන්වයි. නැතහොත් අවසන් පරිභෝජනය ලෙස හඳුන්වයි.
උදා:- පුද්ගලයෙකු සපත්තු කුට්ටමක් පැළඳීම, මාලයක් පැළඳීම, කමිසයක් ඇඳීම
නමුත් කිසියම් භාණ්ඩයක් යොදා ගනුයේ මිනිස් අවශ්යතා ඍජුවම සපුරාලිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට නම් එකී භාණ්ඩයට ඇත්තේ වක්ර පරිභෝජනයකි.
උදා:- වෙළඳසැලක පරිහරණයට ශීතකරණයක් මිලදී ගැනීම, ලීබඩු කර්මාන්තශාලාවකට නව ලී යතු ගෑමේ යන්ත්රයක් මිලදී ගැනීම
ගින්න, ස්වාභාවික උවදුරු, භූ කම්පා ආදිය මඟින් භාණ්ඩ විනාශවී යාම නාස්තිකාරී පරිභෝජනයක් ලෙස හඳුන්වයි.
🌱 පරිභෝජනයේ වැදගත්කම :
☑️පරිභෝජනය යනු සියලුම ආර්ථික කටයුතු වල ආරම්භය මෙන්ම අවසානයයි.
මිනිසෙකුට ආශාවක් ඇතිවූ විට එය තෘප්තිමත් කරගැනීමට කටයුතු කරන අතර එහි ප්රතිඵලය අවශ්යතාවය ඉටුකරගැනීමට හැකිවීම තුළින් තෘප්තිමත් වීමකි. ඇත්ත වශයෙන්ම මුළු මහත් ආර්ථික කටයුතු වල අවසාන අරමුණ වනුයේ පරිභෝජනයයි. නිෂ්පාදකයා අභිප්රේරණය වනුයේ පරිභෝජනය තුළින් වීම නිසා නිෂ්පාදනය, පරිභෝජනය, මඟින් මෙහෙයවූ ක්රියාවලියක් වේ.
☑️නිෂ්පාදනයේ පරිමාව හා දිශාව පාලනය කිරීම
නිෂ්පාදන කටයුතු වැඩිදියුණු වී නිෂ්පාදනය ව්යාප්ත වනුයේ පාරිභෝගිකයා තෘප්තිමත් වන්නේ නම් පමණි. නමුත් කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා තෘප්තිමත් නොවේ නම් එවැනි භාණ්ඩයක නිෂ්පාදනය වර්ධනය නොවේ.
☑️ආර්ථික කටයුතුවල ප්රගතියට හේතු වීම
රටක උවමනා වැඩිවීම ආර්ථික ප්රගතියට හේතු වේ. මක්නිසාද යත් උවමනා ඉහළ යාම තුළින් නිෂ්පාදනය වර්ධනය වීමට හේතු වීමයි. උවමනා වැඩිවීමත් ආර්ථික ප්රගතියත් එකිනෙකට සමීපව හැසිරෙන ක්රියාවන්ය. නිෂ්පාදකයින් සෑමවිටම උත්සහ දරනුයේ පාරිභෝගිකයන් උපරිම වශයෙන් තෘප්තිමත් කිරීමට, වඩා ලාභදායී හා යෝග්ය ක්රම සොයාගැනීමයි. එය නව නිෂ්පාදන ශිල්ප ක්රම නව යන්ත්ර සූත්ර ආදිය සොයාගැනීමට ඉවහල් වන අතර ආර්ථිකය තුළ තාක්ෂණය දියුණු වීමට ද හේතු වේ. බොහෝ විට සිදුවනුයේ එක් උවමනාවක් තෘප්තිමත් කිරීමට කටයුතු කිරීමේදී තවත් උවමනාවක් ඇතිවීමයි.
☑️හුවමාරුව කෙරෙහි බලපෑම් කිරීම
පරිභෝජනයේ බලපෑම ආර්ථිකයේ සියලුම අංශවල දැකිය හැක. කුමන භාණ්ඩ කොතරම් ප්රමාණයක් පරිභෝජනය කරන්නේද යන්න පාරිභෝගිකයා තීරණය කරනුයේ එහි මිල අනුවයි. ඒ අනුව කිසියම් භාණ්ඩයක මිල වෙළඳ පොළ තුළ මිල තීරණය වනුයේ අදාළ භාණ්ඩයට පවත්නා ඉල්ලුම අනුවයි. කිසියම් භාණ්ඩයක පවතින මිල අඩුනම් ඉල්ලුම වැඩිවී හුවමාරුව ඉහළ යයි. ඉල්ලුම් කරනුයේ පරිභෝජනයට බැවින් පරිබෝජනයක් නොමැති නම් හුවමාරුවක්ද සිදුනොවේ. එසේම ආර්ථිකයේ එක් එක් අංශ එනම් ශ්රමිකයින්, දේපළ හිමියන් ව්යාපාරිකයන් අතර ආදායම් ව්යාප්තිය තීරණය වනුයේ ද ඒ එක් එක් පන්තියේ පරිභෝජනය අනුවයි. ඒ අනුව ඔවුන්ගේ ජීවන තත්වය තීරණය වේ. මේ අනුව පරිභෝජනය ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි බලපාන අතර එය ආර්ථිකයේ ප්රගතියට දායක වේ.
🍁 දුගී බව :
දුගී බව යනු යම්කිසි සමාජයක යම්කිසි ජන කොටසකට ඔවුන්ගේ මූලික අවශ්යතාවයන් වත් සපුරා ගැනීමට නොහැකි වීමයි. එවිට ඒ ජන කොටසේ ජීවන තත්වය ඉතා පහත් මට්ටමක පවතී. මෙවැනි දුගී බවින් පෙළෙන ජන කොටස් ඉවත් කිරීමට රජය සහනාධාර සැපයිය යුතුයි.
🌱 මිනිස් වුවමනා බිහිවීමට බලපාන කරුණු:
🔹වෙලඳ ප්රචාරණය
🔹සමාජ පරිසරය
🔹ජනමාධ්ය බලපෑම
🔹තාක්ෂණික දියුණුව
🔹ශාරීරික හෝ මානසික හේතු
🔹ආදායම
🔹සමාජ පරිසරය
🔹ජනමාධ්ය බලපෑම
🔹තාක්ෂණික දියුණුව
🔹ශාරීරික හෝ මානසික හේතු
🔹ආදායම
🌱 යැපුම් අවශ්යතා :
යනු පුද්ගලයෙකුට සිය ජීවිතය පවත්වා ගැනීමට අදාළ වන අවශ්යතාවයන්ය. ප්රාථමික සෞඛ්ය, ආහාර වැනි දෑ ඒ අතර වේ. යැපුම් අවශ්යතා සපුරාගත නොහැකි වීම අන්ත දුගී බව වේ. බොහෝ විට මෙවැනි ජන කොටස්වල දිනක ආදායම ඇමරිකානු ඩොලර් එකකටත් වඩා අඩු අගයකි. (2016- 4.1%)
🌱 මූලික අවශ්යතා :
මූලික අවශ්යතා යනු අවම ජීවන තත්වයක් පවත්වා ගැනීමට අවශ්ය දෑයි. ඒ අතර අවම ජීවන තත්වයකට ගැලපෙන ආහාර හා පෝෂණය සෞඛ්ය අධ්යාපනය නිවාස ආදී දෑ වේ. මූලික අවශ්යතා සපුරාගත නොහැකි බව දුගී බව වේ. ශ්රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව 2016 වසරේ ගනණය කල දුගී බවින් පෙළෙන ජනයා මුළු ජනගහනයෙන් 4.1% කි. එවැනි මූලික අවශ්යතා කිහිපයක් පහත දැක්වේ.
🔹අවම කැලරි අවශ්යතාවයක් ලබාදෙන
ආහාර
🔹අවම ඇඳුම් පැළඳුම්
🔹ජීවත්වීමට සුදුසු නිවසක් (මනා ඉඩකඩ
වාතාශ්රය සහිත)
🔹ජලය, සනීපාරක්ෂාව සහ ප්රාථමික සෞඛ්ය 🔹සේවා පහසුකම්
🔹පාසල් අධ්යාපානය
ආහාර
🔹අවම ඇඳුම් පැළඳුම්
🔹ජීවත්වීමට සුදුසු නිවසක් (මනා ඉඩකඩ
වාතාශ්රය සහිත)
🔹ජලය, සනීපාරක්ෂාව සහ ප්රාථමික සෞඛ්ය 🔹සේවා පහසුකම්
🔹පාසල් අධ්යාපානය
🌱 ද්විතීය අවශ්යතා :
ලෙස සලකන්නේ ඉහළ ජීවන තත්වයකට බලපාන අවශ්යතාවයන්ය. මෙම ද්විතිය අවශ්යතා කාලය, ප්රදේශය, පුද්ගලයන් අනුව වෙනස් වනු ඇත.
උදා:- ශ්රී ලංකාවට ද්විතියික වන අවශ්යතාවයන් ඇමරිකාවට මූලික අවශ්යතාවයන් විය හැක. (මෝටර් රථයක්, දුරකථනයක්)
උදා:- ශ්රී ලංකාවට ද්විතියික වන අවශ්යතාවයන් ඇමරිකාවට මූලික අවශ්යතාවයන් විය හැක. (මෝටර් රථයක්, දුරකථනයක්)
🍁 ජීවන තත්වය :
කිසියම් පුද්ගලයෙකු පරිභෝජනය කරන අත්යවශ්ය සුඛෝපභෝගී හෝ පහසුව ගෙන දෙන උවමනාවන් තෘපතිමත් කිරීමට අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් සලකා බලමින් ජීවන තත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කල යුතුයි. තවත් ආකාරයකින් ප්රකාශ කරන්නේ නම් ජීවන තත්වය යනු කිසියම් ජන කොටසකගේ පරිභෝජනයේ ප්රමානාත්මක හා ගුණාත්මක තත්වයයි. කිසියම් පුද්ගලයෙකුට ඉතා ඉහළ පෝෂණයෙන් යුතු භාණ්ඩ තොගයක් පරිභෝජනය කිරීමට හැකි නම් එවැනි පුද්ගලයෙකුගේ ජීවන තත්වය උසස් වේ. ඇමරිකාව, ස්වීඩනය ,කැනඩාව වැනි රටවල ජනතාවගේ ජීවන තත්වය අනෙකුත් අප්රිකානු රටකට සාපේකෂව ඉතා ඉහළ වේ. ඊට හේතුව එවැනි රටක ජනතාවට පරිභෝජනය කල හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය ඉතා ඉහළ වීමයි. කිසියම් පුද්ගලයෙකු කිසියම් භාණ්ඩයක් දිගුකාලයක් තිස්සේ පරිභෝජනය කිරීම තුලින් එය පුරුද්දක් බවට පත්වේ. එවැනි ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නැවත ඉල්ලුම් කරයි. එම භාණ්ඩය ඔහු සතුටට පත් වේ. එවැනි දෑ ඔහුගේ දෛනික අවශ්යතා ලෙස සලකන අතර එසේ ගනු ලබන භාණ්ඩ සේවා ප්රමාණය හා ඒවායේ ගුණාත්මක භාවය ජීවන තත්වය ලෙස සැලකිය හැක. මේ අනුව ආහාර ඇඳුම් පැළඳුම් වාසස්ථාන විනෝදාස්වාදය ආදී වශයෙන් පරිභෝජනය කරන සියලුම භාණ්ඩ තුළින් ඔහුගේ ජීවන තත්වය තීරණය වේ.
ඉතාම සරලව කියන්නේ නම් කිසියම් පුද්ගලයෙකු ජීවත්වන ආකාරය තුළින් ඔහුගේ ජීවන තත්වය නිරෑපණය වේ. පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ අදාළ පුද්ගලයා මතම නොවේ. නැතහොත් එම පුද්ගලයාගේ ඕනෑ එපාකම් මතම නොවේ.
❤සුභ දවසක්...තවත් කොටසකින් හමුවෙමු..❤




No comments:
Post a Comment