Tuesday, December 31, 2019

උසස් පෙළ අර්ථික විද්‍යාව -පස් වන කොටස-ජීවන තත්වය

උසස් පෙළ අර්ථික විද්යාව
පළමු පාඩම: අර්ථික විද්යාව හැදින්වීම-
පස් වන කොටස (2019/12/20)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁ජීවන තත්වය🍁
🌱පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ අදාළ පුද්ගලයා මතම නොවේ. නැතහොත් එම පුද්ගලයාගේ ඕනෑ එපාකම් අනුවම නොවේ. එය තීරණය වනුයේ පුද්ගලයෙකු පරිභෝජනය කිරීමටය අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා ප්රමාණය මත හා අදාළ සමාජය විසින් එම පුද්ගලයා පරිභෝජනය කරනු ලබන්නනේ යැයි අපේකෂා කරනු ලබන භාණ්ඩ හා සේවා ප්රමාණය මතයි. මේ අනුව කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ පුද්ගලයකු කැමති දේ සහ ඔහු කැමති වේ යැයි සමාජය අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා ප්රමාණය අතර එකඟතාවයක් පවතින තත්වයක් තුළදීය.
🍂කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය කරන සාධක
කිසියම් පුද්ගලයෙකුගේ හෝ කුටුම්භයක ජීවන තත්වය තීරණය වනුයේ පහත සඳහන් සාධක මතය.
☑️අදාල පුද්ගලයා හෝ කුටුම්බය ලබන ආදායම.
පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය කරන ප්රධාන සාධකය වනුයේ එම පුද්ගලයා ලබන ආදායමයි. කිසියම් පුද්ගලයෙකු ඉහළ ආදායමක් ලබන්නේ නම් අත්යාවශ්ය සුඛෝපභෝගී ආදී භාණ්ඩ වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට ඇති හැකියාව ලැබේ. ආදායම ඉහළ යාම තුළින් ක්රය ශක්තිය ඉහළ යාම ඊට හේතුවයි. දුප්පත් පුද්ගලයෙකුට සාපේක්ෂව ධනවතුන්ගේ ජීවන තත්වය උසස් වනුයේ එබැවිනි.
☑️අදාළ කුටුම්භයේ ප්රමාණය.
පුද්ගලයෙකුගේ අදායම හා පවුලේ විශාලත්වය ඔහුගේ ආදායම කෙරෙහි බලපායි. කුටුම්භය විශාල නම් ආදායම ඒ කුටුම්භය අතර බෙදී ගිය විට එක් සාමාජිකයෙකුට ලැබෙන ආදායම කුඩා වේ. එවිට පුද්ගලිකව එක් පුද්ගලයෙකුගේ ජීවන තත්වය අඩු වේ. නමුත් ආදායම ස්ථාවරව තිබියදී පවුලක ප්රමාණය කුඩා වන විට එහි ජීවන තත්වය උසස් වේ.
☑️පරම්පරාවෙන් පැවත එන සම්ප්රදාය.
ඕනෑම පුද්ගලයෙකුට තම දෙමව්පියන්ගෙන් උරුම වන ජීවන තත්වයක් පවතී. එවැනි ජීවන තත්වයක් බොහොමයක් අවස්ථා වලදී කෙසේ හෝ පවත්වාගෙන යාමට කටයුතු කරයි.
☑️අධ්යාපනය හා කැමැත්ත.
පුද්ගලයෙකු ලබා ඇති අධ්යාපනය පෞද්ගලික රුචිකත්වය ආදිය මත ඔහුගේ ජීවන තත්වය තීරණය වේ. පුද්ගලයෙකුට පවුලෙන් උරුම වී ඇති ජීවන තත්වය වෙනස් කිරීමටද මෙය බලපායි. සෑම විටම පුද්ගලයෙකු උත්සහ කරනුයේ දැනට පවත්නා පරිභෝජන තත්වය එලෙසම පවත්වාගෙන යාමට හෝ එම මට්ටම ඉහළ නංවා ගැනීමයි. ඉහළ අධ්යාපනයක් සහිත පුද්ගලයෙකුගේ ඉපයීම් හැකියාව සාපේක්ෂව ඉහළ බැවින් ඉහළ ආදායමක් ලැබෙන අතර පරිභෝජනය ඉහළ අගයක් ගනී.
☑️සාමාන්ය මිල මට්ටම.
කිසියම් පුද්ගලයෙකුගේ ආදායම් ක්රය ශක්තිය භාණ්ඩ මිල මත තීරණය වේ. එනම් මිල පහළ ගිය විට ආදායම් ක්රය ශක්තිය ඉහළ යයි. එවිට වැඩි භාණ්ඩ හා සේවා ප්රමාණයක් පරිභෝජනය කල හැකිවන අතර ඒ තුලින් ජීවන තත්වය උසස් වීමක් සිදුවේ. එනම් මිල මට්ටම පහළ ගිය විට මූර්ථ ආදායමේ ඉහළ යාම මීට හේතුවයි. සාමාන්ය මිල මට්ටම ඉහළ ගිය විට ක්රය ශක්තිය අඩුවී පරිභෝජනය කල හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය අඩුවීමෙන් ජීවන තත්වය පිරිහේ.
☑️සමාජ චාරිත්ර වාරිත්ර.
පුද්ගලයා ජීවත්වන සමාජය තුල පවත්නා චාරිත්ර වාරිත්ර අනුවද ඔවුන්ගේ ජීවන් තත්වය තීරණය වේ. බොහෝ විට විවාහ හා අනෙකුත් උත්සව ආදියේ දී පුද්ගලයන් තම සමාජ තත්වය ප්රදර්ශනය කිරීමට ඒවා උපරිම අයුරින් සිදුකිරීමට ක්රියා කිරීම තුළ ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ යයි.
🍁භාණ්ඩ හා සේවා.🍁
🌱ආර්ථික විද්යා විෂය පථය පුරාවටම සාකච්ඡා කරන මිනිස් අවශ්යා ඉටුකර ගැනීම පිළිබඳ වූ සංකල්පයේ දී භාණ්ඩ හා සේවා ඉතා වැදගත් වේ. මක් නිසාද යත් මිනිස් අවශ්යතා හා වුවමනා ඉටු කරනු ලබන්නේ භාණ්ඩ හා සේවා මඟින් වීම නිසාය.
උදා:- සහල්, පොත්පත්, පාන්, ඇඳුම් පැළඳුම්,නිවාස ආදී භෞතික වස්තූන් භාණ්ඩ වේ.
මේවා ඍජුවම තම අවශ්යතා පරිභෝජනයට ගැනීමෙන් හෝ වෙනත් ආකාරයකට පරිභෝජනයට ගැනීමෙන් (ඇඳුම් හෝ පොත්පත්) මිනිස් අවශ්යතා ඉටුවේ.
මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ඇතැම් අවශ්යතා ඉටුකර ගැනීමට වෙළඳපොළෙන් මිලදී ගත්භාණ්ඩ හා සේවා ප්රමාණවත් නොවන බවකි. එනම් ආදරය, කරුණාව දයාව බලය වැනි අවශ්යතා සපුරා ගැනීමට භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් හැකි නොවේ. ඒ සඳහා වැදගත් වනුයේ අන්තර් පුද්ගල සබඳතාවයන්ය. නමුත් ආර්ථික කටයුතු හා මෙවැනි අවශ්යතා ඉටුවීම අතරද කිසියම් වක්ර සම්බන්ධයක් තිබිය හැක. තම හැඟීම් ප්රකාශ කිරීම සඳහා යම් යම් ආර්ථික භාණ්ඩ යොදාගැනීම කෙනෙකු තම දේපල ,ධනය යොදා සමාජ බලයක් ගොඩනැගීමට උත්සහ දැරීම උදාහරණ ලෙස දැක්විය හැක.
🌱මේ අනුව භාණ්ඩ යනු උවමනාවන් සැපයීමට හැකි ඕනෑම දෙයකි. සේවා යනු නිශ්චිත කාර්යයක් ඉටුකිරීමකි. නැතහොත් මිනිස් අවශ්යතා ඉටුකරනු ලබන අධ්යාපනය, වෛද්ය, ගුරු නීතිඥ සේවා සංගීතය රංගනය අධිකරණ සේවා යනාදියයි. සේවා මඟින් අවශයතා ඉටු කර ගැනීමේදී භෞතිනක වස්තු ඍජුවම පරිභෝජනය නොකරයි. සිදුවන්නේ කිසියම් කාර්යයක් ඉටුකිරීමකි. නමුත් සේවා සැපයීමේදී බොහෝවිට එම සේවාව සමග භාණ්ඩද යොදාගනී. උදාහරණ වශයෙන් ඉගැන්වීමේදී රටහුණූ ,කළු ලෑල්ල, ඩෙස් බංකු ආදිය ද වෛද්ය සේවාවේදී වෛද්ය නලාව, පෑන් ලිපිද්රව්ය ,ඇඳන් ආදී භාණ්ඩද ,සංගීතයේදී විවිධ වාද්ය භාණ්ඩද භාවිතා කරයි. එබැවින් පහසුව තකා භාණ්ඩ හා සේවා යන යෙදුම් දෙකටම භාණ්ඩ යන පදය යොදාගනී.

No comments:

Post a Comment