ආර්ථික විද්‍යාව යනු
ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නිර්වචන රාශියක් ඉදිරිපත් වී තිබේ. ආර්ථික විද්‍යාවේ විෂය කේෂ්ත්‍රය විශාල හා පුළුල් එකකි. නූතන ආර්ථික විද්‍යාඥයන් පහත දැක්වෙන ආකාරයේ පොදු නිර්වචනයට එකඟ වෙයි.
“ආර්ථික විද්‍යාව වනාහි විකල්ප භාවිත ඇති හිඟ සම්පත්, විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමත්, වර්තමාන හා අනාගත පරිභෝජනය සඳහා සමාජයේ විවිධ පුද්ගලයන්ගේ හා කණ්ඩායම් අතර ඒවා බෙදා හැරීමත්, යන කරුණු පිළිබඳව මිනිසුන් සහ සමාජය තේරීම් කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනයයි."
සමාජය තුළ සම්පත් සම්භාරය සීමිත බැවින් අත්කර ගත හැකි භාණ්ඩ ප්‍රමාණය හිඟකමට යටත්ව පවතී, එබැවින් සමාජය තමන් සතු හිඟ සම්පත් කාර්යක්ෂමව උපයෝජනයත් කළ යුතුයි.
ආර්ථික විද්යාව සමාජයේ විද්යාවක් ලෙස
ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙයි. සමාජ විද්‍යාවක් යනු සමාජයේ හා පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සහ චර්යාවන් පැහැදිලි කිරීමට හා විශ්ලේෂණය කිරීමට යොදා ගනු ලබන විද්‍යාවන්ය.
උදා :- දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, මානව විද්‍යාව
සමාජ විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව මගින් අවධානය යොමු කරන්නේ පුද්ගලයන්ගේ හා සමාජයේ ආර්ථිකමය හැසිරීම ආර්ථික සංසිද්ධියෙන් පැහැදිලි කිරීම, විශ්ලේෂණය කිරීම හා පුරෝකතනය කිරීම යන කාර්යයන් කෙරෙහිය.
ආර්ථික විද්යාව හැදෑරීමේ වැදගත්කම
· සාර්ථක පුරවැසියක ලෙස සමාජය කටයුතු කිරීමට
· රාජ්‍ය පාලනය සඳහා වැදගත් වීම
· බුද්ධිමත් ඡන්දදායක ලෙස තම වගේම හා යුතුකම් ඉටුකිරීමට අවට සමාජයේ ආර්ථික සංසිද්ධියෙන් අවබෝධ කර ගැනීමට
· තාර්කික පුද්ගලයකු ලෙස කටයුතු කිරීමට
ආර්ථික විද්යාත්මකව සිතීම
සෑම සමාජයක්ම හිඟකම නැමති කේන්තියේ ප්‍රශ්නය හමුවේ තේරීම කළ යුතුයි. එහිදී කැප කිරීමක් හෙවත් අවස්ථික පිරිවැයක් දැරීමට සිදුවේ. ආර්ථික විද්‍යාත්මකව සිතියම යන්නේ අදහස් කරනුයේ ආන්තික ප්‍රතිලාභ හා ආන්තික පිරිවැය සලකා බලා තීරණය ගැනීම කළ යුතු බවයි.
යථානුරූපී හා අභිමතානුරූපී ප්රකාශ
යථානුරූපී ප්‍රකාශ
· යථානුරූපී ප්‍රකාශයක් යනුවෙන් අදහස් කරනුයේ යම් දෙයක දැනට පවතින ස්වභාවයත් කලින් පැවති තත්ත්වයත් ඉදිරියට ඇතිවිය හැකි තත්ත්වයත් පිළිබඳ අධ්‍යයනය කිරීමයි කිරීමයි.
· එනම් කුමක් ද? කුමක් වූයේ ද ? කුමක් වනු ඇතිද? යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා යොමු වුන ප්‍රකාශයන් වෙයි.
· යථානුරූපී ප්‍රකාශ හරි හෝ වැරදි විය හැකිය. එවැනි ප්‍රකාශ නිරවද්‍යතාව ප්‍රත්‍යක්ෂ මූල කරුණු මගින් පරීක්ෂා කළ හැකිය.
· මෙම ප්‍රකාශ විෂයානු බද්ධ වේ./ විද්‍යාත්මක වේ. විචල්‍ය කිහිපයක් අතර සම්බන්ධතාව දැක්වීමට හෝ කිසියම් සංසිද්ධියක් පැහැදිලි කිරීමට මේ ප්‍රකාශ යොදා ගැනේ.
· ආර්ථික හැසිරීම් හා සංසිද්ධීන් විග්‍රහ කරයි.
උදාහරණ:- මුදල් සැපයුම හා මිල මට්ටම අතර අනුලෝම සම්බන්ධතාවයක් ඇත.
අභිමතානුරූපී ප්‍රකාශ
අභිමතාන රූපී ප්‍රකාශයක් යනුවෙන් අදහස් කරන්නේ යම් දේක සිදුවිය යුතු ස්වාභාවික ස්වභාවය කුමක්ද? යන්න අධ්‍යයනය කිරීමයි.
එනම් කුමක් විය යුතුද? යන්න ප්‍රශ්නයට දෙන පිළිතුර හා යොමු වුනු ප්‍රකාශයන් වෙයි. මේ ප්‍රකාශය පුද්ගල බද්ධ වෙයි. ( ආත්ම ගතවේ). ආර්ථික ප්‍රතිපත්තීන් විග්‍රහ කරයි.
උදාහරණ:- ආදායම් හා ධනය සමානව බෙදී යාම අසාධාරණ වේ .
සාර්ව හා සුක්ෂම ආර්ථික විද්යාව
ආර්ථික විද්‍යාව සුක්ෂම හා සාර්ව වශයෙන් ප්‍රධාන කොටස් 2 කට වෙන් කළ හැකිය.
සාර්ව ආර්ථික විද්‍යාව (Macro economics) :
සාර්ව ආර්ථික විද්‍යාව යනු අදාල රටක සමස්ත ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන අධ්‍යයනයකි. ව්‍යුහය,සාධනය හා හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කෙරේ.
උදා:- සේවා නියුක්තිය හා සේවා වියුක්තිය, උද්ධමනය හා මිල මට්ටම.
සුක්ෂම ආර්ථික විද්යාව (Micro economics) :
ආර්ථික ඒකකයක් තුළ සිටින සිදුවන පරිභෝජනය, නිෂ්පාදනය, වෙළඳපොළ ආකාර හා ආදායම වැනි විෂයයන්ගේ හැසිරීම ගවේෂණය කිරීම සුක්ෂම ආර්ථික විද්‍යාව වේ.
උදා:- භාණ්ඩයක මිල,ඉල්ලුම, සැපයුම පිළිබඳ හැදෑරීම.
මිනිස් අවශ්යතා හා වුවමනා (Needs and Wants)
මිනිස් අවශ්‍යතා
ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන දේ අවශ්‍යතා ලෙස හැඳින්වේ. අවශ්‍යතා සපුරා ගැනීම මිනිසාගේ මූලික අරමුණකි. අවශ්‍යතා සීමා සහිත වේ.
01. ශාරීරික අවශ්‍යතා – ආහාර, ඇඳුම්, වාසස්ථාන 02. මානසික අවශ්‍යතා – අධ්‍යාපනය, කරුණාව, විනෝදය, ආදරය ආදිය
මිනිස් වුවමනා :
අවශ්‍යතා සපුරා ගැනීමට හා තෘප්තිය වර්ධනය කර ගැනීම උදෙසා සම්පත් භාවිත කිරීමේදී මිනිසා කරන තෝරා ගැනීම් වුවමනා ලෙස හැඳින්වේ. වුවමනා සීමා රහිත සේම සංකීර්ණ වන අතර අවශ්‍යතා සීමිත වේ. ආහාර අවශ්‍යතා- බත්, පාන්
භාණ්ඩ හා සේවා
මිනිස් අවශ්යතා හා වුවමනා ඉටු කර ගැනීමට හැකි එනම්, උපයෝගීතාවක් ලැබිය හැකි ඕනෑම දෙයක් භාණ්ඩ හා සේවා ලෙස අදහස් වෙයි.
උදා :- සහල්,මෝටර්රථ,වෛද්ය සේවය,ගරු සේවය
ආර්ථික විද්යාව තුළ ඇතැම් විට භාණ්ඩ යන වචනය භාණ්ඩ හා සේවා දෙවර්ගයම හැඳින්වීම සඳහා භාවිතා වේ.
1. ආර්ථික භාණ්ඩ
2. ආර්ථික නොවන භාණ්ඩ/නොමිල භාණ්ඩ
ආර්ථික භාණ්ඩ
ආර්ථික භාණ්ඩ ලෙස අදහස් කරන්නේ සැපයුමේ හිඟකමක් දක්නට ලැබෙන භාණ්ඩයි.එනම්,නිෂ්පාදන ක්රියාවලිය සඳහා ආර්ථික සම්පත් උපයෝජනය කරනු ලැබූ භාණ්ඩයි.
උදා :- රූපවාහිනී,මෝටර්රථ, පොත්, ඇඳුම්
ආර්ථික භාණ්ඩවල මූලික ලක්ෂණ
· හිඟ සම්පත් යොදා ගෙන නිෂ්පාදනය කිරීම
· වුවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත වීම
· ආවස්ථික පිරිවැයක් තිබීම
· නිෂ්පාදන ක්රියාවලියක් තිබීම
· සෑමවිටම තේරීම් පිළිබඳව ප්රශින පැන නැඟීම
· මිනිස් තීරණවල ප්‍රතිඵලයක් වීම
ආර්ථික නොවන භාණ්ඩ (නොමිල භාණ්ඩ)
ශුන්ය මිලක දී පවා අසීමිත සැපයුමක් සහිත භාණ්ඩයි. මේවා නිපදවීම සඳහා ආර්ථික සම්පත් උපයෝජනය නොකරන අතර ආවස්ථික පිරිවැයක් ද නොමැත.
උදා :- හිරු එළිය,ස්වාභාවාක වාතය,ජලය
ආර්ථික නොවන භාණ්ඩවල මූලික ලක්ෂණ
· නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා නොකරයි.
· සැපයුම අසීමිත වේ.
· ආවස්ථික පිරිවැයක් නොමැත
· නිෂ්පාදන ක්රියාවලියක් නොතිබීම
· මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව හිඟ නොවේ.
· මිනිස් තීරණයක ප්රතිඵලයක් නොවේ.
මිලක් නොගෙවීම මත කිසියම් භාණ්ඩයක් ආර්ථික නොවන වග තීරණය කල නොහැක. භුක්ති විඳින්නන් විසින් ඒ සඳහා මිලක් නොගෙවුවද, සමාජයේ කිසියම් පාර්ශවයක් ඒ සදහා මිලක් දරා ඇත්නම් ඒවා ආර්ථික භාණ්ඩ වේ.
උදා :- පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන පෙළ පොත් හා නිළ ඇඳුම්
ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත්
සීමිත සැපයුමක් සහිත සම්පත් ආර්ථික සම්පත් හෙවත් හිඟ සම්පත් ලෙස හැඳින්වේ.
මේවාට වෙළඳපොලෙහි මිලක් පවතී.
අසීමිත සැපයුමකත් සහිත නිෂ්පාදන සම්පත් නොමිලේ සම්පත් නැතහොත්
ආර්ථික නොවන සම්පත් ලෙස අදහස් වේ. ශුන්ය මිලක දී පවා ඒවායේ සැපයුම අසීමිත වේ.
උදා :- හිරු එළිය,ස්වාභාවික වාතය,ජලය
ශුන්ය මිලකදී අසීමිතව සැපයෙනු ඇතැයි සඳහන් කළ විට නොමඟයවන සුළු අදහසක් ඇති විය හැකිය. කිසියම් සාධකයක් අසීමිතව ලබා ගත හැකි නම්, එය සැමවිටම ලබා ගත හැකි ලෙස අඛණ්ඩ සැපයුමක් තිබිය යුතුය. එහෙත් හිරු එළිය වැනි සම්පතක් දවස පුරාම ලබා ගත හැකි නොවේ. මේ අනුව නොමිල සම්පත් යන්නෙන් අදහස් වන්නේ අසීමිතව ලබා ගත හැකි යන්න නොව , සැපයුමක් පවතින අවස්ථාවලදී පිරිවැයකින් තොරව එම සම්පත් ලබා ගත හැකි බවයි.






No comments:
Post a Comment